Sunday, May 19, 2024

නීරෝධායන නීති කැඩු මාරවිල දේවමෙහෙය

Must read

image_ba0819a3de

(12.42pm)නීරෝධායන පනත උල්ලංඝනය කරමින් පිරිසක් රැස්කර දේව මෙහෙයක් පැවැත්වූ බව කියන දේව ගැතිවරයෙකුට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට  බව මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කටයුතු කර ඇත.

පසුගිය 16 වැනිදා මාරවිල නගරයේ පිහිටි ගොඩනැගිල්ලක තෙවන මහලේ කිසියම් පිරිසක් රැස්වී සිටින බවට වූ තොරතුරක් මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලැබී ඇත.ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අදාල ස්ථානයට ගොස් තිබේ.ඒ වන විට දේවගැතිවරයා දේව මෙහෙය පවත්වමින් තිබී ඇත.එම ස්ථානයේ කුඩා දරුවන් ඇතුළු 31 දෙනෙකු සිට ඇත.රැස්ව සිරි පිරිසට විසිර යන ලෙස උපදෙස් ලබා දී ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දේව මෙහෙය පවත්වමින් සිටි දේවගැතිවරයාව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර දේව ගැතිවරයාට එරෙහිව නීරෝධායන පනත අනුව නඩු පැවරීමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කරයි.


ජූඩ් සමන්ත
ඡායාරූප උපුටා ගැනීම / ලංකාදීප

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article