Friday, May 17, 2024

පාසල් ඇරඹුවත් දරුවන්ගේ පාසල් පැමිණීම සාර්ථක නෑ – සමහර පාසල් වසා දැමේ

Must read

1(11.17 am) පාසල් වාරය ආරම්භ කළත් මේ වනවිට හලාවත අධ්‍යාපන කොට්ඨාශයේ සහ වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාශ වල පාසල් කීපයක් වසා දමා ඇති අතර බෙහෝ පාසල් වල දරුවන්ගේ පැමිණිමේ අඩුවක් ඇති බව වාර්තා වේ. පාසල් ආරම්භ කළ පසුත්  අඹකදවිල සහ ඉරණවිල කනිෂ්ඨ විද්‍යාල දෙක මේ වනතෙක් විවෘත කර නොමැති බව ප්‍ර දේශවාසීන් පවසයි. මේ වනවිට වෑකඩ මධ්‍ය මහා විද්‍යාලය සහ මැල්ලව කනිටු විද්‍යාලය යන පාසල් තාවකාලිකව වසා දමා තිබේ. ඊයේ (24 වනදා ) නාත්තන්ඩිය ජනාධිපති මහා විද්‍යාලයේ 11 වන වසර පන්තිය තාවකාලිකව දින 03 ක කාලයකට වසා දැමීමට නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර ඇත.එම පන්තියේ ඉගෙණුම ලබන දරුවෙකුගේ ඥාතියෙකු කොවිඩ් ආසාධිතයෙකු බවට හදුනා ගෙන තිබීම මෙම තත්ත්වයට හේතුව වී ඇත.එම පාසලේ සෙසු පන්ති සාමාන්‍ය ආකාරයට පැවැත්වෙන බවද අධ්‍යාපන නිලධාරීන් සදහන් කරයි.

මේ අතර හලාවත එගොඩවැල්ල කනිශ්ඨ විද්‍යාලයේ කිසිදු දරුවෙකු 24 වැනිදා පසලට පැමිණ නොමැති බව අධ්‍යාපන බලධාරින් සදහන් කරයි.හලාවත – වැල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයින් 09 දෙනෙකු පසුගිය දින කීපය තුළ හදුනා ගෙන ඇත.එම ප්‍රදේශයේ පදිංචි බොහෝ දෙනෙකු නීරෝධායනයට ලක් කර තිබීම මෙම තත්ත්වයට හේතුව වී ඇත.

කෙසේ වෙතත් පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් සදහා දරුවන්ගේ පැමිණීම 50% දක්වා පහත මට්ටමක පැවැතුණි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article