Thursday, May 2, 2024

සියලු සිරකරුවන් කොවිඞ් 19යෙන් නිදහස් කරන්න – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඉල්ලයි

Must read

සිරකරුවෝසියලුම සිරකරුවන් PCR පරීක්ෂණ සඳහා යොමු කරන ලෙස, සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් නොවැම්බර් 13 වැනිදා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ.

කොවිඞ් 19 වසංගතය බන්ධනාගාර තුළ සීඝ්‍රයෙන් පැතිර යන වාතාවරණයක එම තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතුව ඇති බව එම ලිපිය ඔස්සේ වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

සිරගෙවල් තුළ කොවිඞ් 19 පැතිරීම පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු යෝජනා ඇතුළත් ලිපියක් තම සංවිධානය 2020/03/16 වැනි දින ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බව පෙන්වා දෙන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව, මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානය පළවීමක් හෝ මැදිහත් වීමක් මෙතෙක් සිදුව නොමැති බව ද පවසයි.

ශ්‍රී ලංකාව තුළදී කොරෝනා වෛරස් ආසාදිතයන් වාර්තාවීමට පටන් ගැනීමත් සමග එය බන්ධනාගාර තුළට ව්‍යාප්ත වුවහොත් ඇති විය හැකි භයානක තත්ත්වය පිළිබඳව බලධාරීන්ට අනතුරු අඟවමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා පෙන්වා දී ඇත්තේ, බන්ධනාගාර තුළ පවතින අධික තදබදයට විසඳුමක් ලෙස තමන් ආණ්ඩුවට යෝජනා කරන්නේ, සුළු වැරදිවලට සිරගතවූවන් සහ දඩ ගෙවා ගැනීමට නොහැකිව රඳවාගෙන සිටින්නන් කොන්දේසි මත හෝ නිදහස් කරන ලෙසයි.

එසේම වයස්ගත සහ දැඩි ලෙස රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන රැඳවියන් නිදහස් කිරීම වෙනුවෙන් ඇති නීතිමය ප්‍රතිපාදන මොනවාද යන්න පෙන්වා දෙන නීතිඥවරයා පවසන්නේ ඔවුන් පසුගිය කාලය පුරා රජයට අවධාරණය කර තිබුනේ සමාලෝචන ක්‍රියාවලිය නිසි අයුරින් ක්‍රියාත්මක කිරීම තුළ බන්ධනාගාර වල පවතින අධික තදබදය අවම කර ගත හැකි බවයි.

ඇප ලබාදිය හැකි රැඳවියන් කිහිපදෙනකු පසුගිය කාලයේදී නිදහස් කළද බන්ධනාගාර තුළ පවතින අධික තදබදය අඩුවීමට එය ප්‍රමාණවත් නොවු බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ අදහසයි.

මෙරට බන්ධනාගාර තුළින් කොවිඞ් ආසාදිත පොකුරු බිහිවීමේ අවදානමක් මතු වීමත් සමඟ බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහළය මතට නැගී තමන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් විරෝධතාවක් ආරම්භ කිරීමට පසුගිය 12 වැනිදා ක්‍රියා කළේය. කොවිඞ් වලින් ආරක්ෂා වීම සඳහා තමන්ට ද ප්‍රමාණවත් වැඩපිළිවෙළක් අවශ්‍ය බව එමඟින් අවධාරණය කෙරිණි.

බන්ධනාගාර තුළ පවතින අධික තදබදය නිසා කොවිඞ් වලින් ආරක්ෂා වීමේ සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක කිරීමේ අපහසුතා මතුව තිබේ. සිරකරුවන් විශාල පිරිසකගේ භාවිතය සඳහා ඇත්තේ වැසිකිළි ආදියෙහි අවම පහසුකම්ය. එවැනි පරිසරයක් තුළ මෙවැනි වෛරසයකින් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් පිළිපැදීම දුෂ්කර වී ඇති බව මෙම ලිපියේ වැඩිදුරටත් පෙන්වා දේ.

එබැවින් අහඹු තෝරා ගැනීමේ ක්‍රියාවලියක් අනුගමනය කිරීම වෙනුවට සියලුම සිරකරුවන් ද ඇතුලුව බන්ධනාගාර කාර්ය මණ්ඩලය ඡක්‍ඍ පරීක්ෂණ සඳහා යොමු කරන ලෙසත්, තම කමිටුව මීට ඉහත ඉදිරිපත් කර ඇති යෝජනා ද සැලකිල්ලට ගන්නා ලෙසත් එමඟින් බන්ධනාගාර, කොවිඞ් 19 වසංගතයෙන් නිදහස් කලාපයක් බවට පත් කරන ලෙසත් මෙම ලිපිය ඔස්සේ ඉල්ලා තිබේ.

එම ලිපියේ පිටපත් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙතත්, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය අමාත්‍යවරයා වෙතත්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙතත් යොමු කර ඇත.Prisoners-230x300


 www.samabima.com

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article