Friday, May 17, 2024

හලාවත – සහ ආරච්චිකට්ටුව ප්‍රදේශ වලින් තවත් කොරෝනා ආසාධිතයින් 07 දෙනෙකු හඳුනා ගැනේ

Must read

1531822836-chilaw-town-traffic-police-3

හලාවත – සහ ආරච්චිකට්ටුව ප්‍රදේශ වලින් තවත් කොරෝනා ආසාධිතයින් 07 දෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. 24 වැනිදා රාත්‍රීයේ ලැබී ඇති  පී.සී.ආර්.පරීක්ෂණ වල මේ බව සඳහන් වේ. හඳුනා ගෙන ඇති කොරෝනා ආසාධිතයින් අතර ආරච්චිකට්ටුව පොලීසියේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුද වේ.ආරච්චිකට්ටුව පොලීසියේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ස්වයං නීරෝධායනයට යොමු කර තිබී ඇත.මොවුන් දෙදෙනා හලාවත – මැදවත්ත ප්‍රදේශයෙන් හමුවී ඇති ආසාධිතයෙකුගේ සමීපතයින් ලෙස හඳුනා ගෙන ඇත.එසේ නීරෝධායනයට ලක් කර සිටි එක් නිලධාරියෙකු කොරෝනා ආසාධිතයෙකු බවට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ අතර 24 වැනිදා හඳුනා ගෙන ඇති සෙසු ආසාධිතයින් අතර හලාවත පදිංචිකරුවන් 05 දෙනෙකු වේ.ඔවුන් හලාවත – වැල්ල,මුන්නේෂ්වරම සහ කරවිටාගාරය පදිංචිකරුවන්ය.හදුනා ගෙන ඇති අනෙක් ආසාධිතයා ආරච්චිකට්ටුව – සින්නකරුකුපනේ පදිංචි කාන්තාවකි.ඇයගේ සැමියා ධීවරයෙකු බවටද හඳුනා ගෙන ඇත.


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article