Saturday, May 18, 2024

යුද්ධයෙන් ආබාධිත වූ සෙබළෙකුට නිවාසක් පරිත්‍යාග කරයි

Must read

 

12රට දැය බේරා ගැනීම සදහා මුහුණ දුන් වර්ග වාර්ගික යුද්ධයේදී පාදයක් අහිමි වී සිටින හමුදා සෙබළෙකු තමන් පදිංචි ගමේ ජීවත් වන ශ්‍රවන සහ කථන හැකියක් නොමැති කාන්තාවකට තම වියදමින් නිවසක් තනා දුන් අපූරු පුවතක් ආණමඩුව ප්‍රදේශයෙන් අපට දැක ගැනීමට හැකි විය.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ 14 වනගජබා රෙජ්මේන්තුවට අනියුක්තව සේවය කළ ඔහු එස්.එන්.එම්.චමින්ද බණ්ඩාරය.2008 ජූලි මස 17 වැනිදා වැලිඔය – ආන්දම්කුලම ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරියේ නිරත වෙමින් සිටින විට ඔහුට තම දකුණු පදය අහිමි විය.යුද්ධය හේතුවෙන් ආබාධිතයෙකු බවට පත් වුවත් තමන් පදිංචි අණමඩුව – මහඋස්වැව,ආලංකුලම ගම්මනය තුළ හෙතෙම ජීවත් වූයේ ධෛර්ය සම්පන්නවය.

ආලංකුලම ගම්මානයේ පදිංචිව සිටින ඩී.එම්.කපුරු මැණිකා (අවු:64) මහත්මිය කථන සහ ශ්‍රවන ආබාධයකින් පෙළුණු තැනැත්තියක වුවාය.ඇය පදිංචිව සිටි කුඩා පැල්පත වන අලි ප්‍රහාරයකින් අබලන් වූ අතර,පසුගිය වැසි සමයේ එම නිවස කඩා වැටෙන තත්ත්වයට පත්ව තිබුනේය.

පවතින තත්ත්වය දැන ගත් චමින්ද බණ්ඩාර මහතා අබලන් වී ඇති කපුරු මැණිකා මහත්මියගේ නිවස ඉදිකිරීමේ කටයුත්තට මුල පිරිවේය.ආබාධිතයෙකු වුවත් තම හැකියාවන් උපයෝගී කරගෙන ප්‍රදේශයේ තවත් පිරිසකගේ සහාය ඇතිව නිවස ඉදිකරන්නට හෙතෙම කටයුතු කළේය.නිවස ඉදිකිරීමේ කටයුතු බොහෝමයක් සිදු කරන ලද්දේ ආබාධිත චමින්ද බණ්ඩාර විසින්ම වීම විශේෂත්වයකි.නිවස ඉදිකිරීම සදහා ගත වී ඇත්තේ මාස 03 ක පමණ කෙටි කාලයකි.

මෙම කටයුත්ත සදහා ප්‍රදේශවාසීන් මෙන්ම රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාද ඔහුට සහාය වී ඇත.

ආබාධිත රණ විරුවා විසින් ඉදි කළ නිවස කපුරු මැණීකා මහත්මියට බාර දීම පසුගියදා සිදු විය.මෙම අවස්ථවට ආගමික නායකයින් මෙන්ම දේශපාලන  අධිකාරියද ප්‍රදේශවාසීන්ද එක්ව සිටියේය.

කථන හැකියාවක් නොමැති වුවත් කපුරු මැණිකා මහත්මිය නව නිවසක් ලැබීම සම්බන්ධයෙන් හස්ත සංඥා භාවිතයෙන් සියල්ලන්ට ස්තූතිය පල කර සිටියේය.10 03 (2) 01 (2) (1)


 

ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article