spot_img
spot_img
Tuesday, September 22, 2026
spot_img
spot_img

පාස්කු දින ප්‍රහාරයේ තීන්දුව අද

Must read

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩුවේ තීන්දුව අද (22) අලුත්කඩේ මහාධිකරණයේදී ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාගයට ගෙන ඇති අතර, දීර්ඝ සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව විත්තිකරුවන්ගේ විත්තිවාචකද අධිකරණය විසින් සටහන් කරගෙන තිබේ.

ඉන් අනතුරුව නඩුවේ තීන්දුව අද (22) ප්‍රකාශයට පත් කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කර තිබේ.

පාස්කු ඉරිදා ජාතික තව්හීද් ජමාත් සංවිධානය විසින් මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව නීතිපතිවරයා විසින් නෞෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව 2021 වසරේදී මෙම නඩුව ගොනු කර තිබිණි.

අදාළ චෝදනා සංඛ්‍යාව 23,270ක් ලෙස සඳහන් වන අතර, විත්තිකරුවන් සිව්දෙනාම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article