spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

පෑවිල්ලට තැඹිලි කුරුම්බා මිළ ඉහළ යයි

Must read

පවතින වියලි කාලගුණික තත්ත්වයත් සමග හලාවත සහ ඒ අවට තැඹිළි සහ කුරුම්බා මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවක් දක්නට ඇත. තැඹිළි ගෙඩියක් රුපියල් 250 ක මිලකට අලවි කළ හැකි වුවත් සම්පාදනය කර ගැනීම ගැටළුවක් බව ව්‍යාපාරිකයින් සදහන් කරයි.මේ අතර,තැඹිළි වෙනුවට ආදේශකයක් ලෙස ඇතැම් ව්‍යාපාරිකයින් කුරුම්බා ගෙඩියක් රුපියල් 150 ක මුදලකට අලවි කරන බවක්ද දක්නට ඇත.

පසුගිය වසරේ මුල් කාලයේදීද මේ ආකාරයට තැඹිළි වෙනුවට ආදේශකයක් ලෙස කුරුම්බා අලවි කරන්නට ඇතැම් ව්‍යාපාරිකයින් කටයුතු කර තිබුණි. කුරුම්බා අලවි කිරීම පසු කාලෙක දිවයින පුරා දැඩි පොල් හිගයක් ඇති වීමට එක් හේතුවක් වූ බවද පසුව ප්‍රකාශ වුණි.

වර්තමානයේදීද මේ ආකාරයට තැඹිලි වෙනුවට කුරුම්බා අලවි කිරීම සිදු කළ හොත් ඉදිරියේදී නැවත මෙරට තුළ පොල් හිගයක් ඇති වීමට ඉඩ ඇති බවද පොල් වගාකරුවන් සදහන් කරයි.

ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article