වයස අවුරුදු 09 යි මාස 11 ක් වන පිරිමි දරුවෙකුට බාබර් සාප්පුවක් තුළදී ලිංගික අතවරයක් සිදුවී ඇති බව හලාවත ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙම සිදුවිමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුව හලාවත පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 54 ක් සහ 58 ක් වන හලාවත – කාක්කපල්ලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුවය.
හලාවත – කාක්කපල්ලිය ප්‍රදේශයේ බාබර් සාප්පුවක් තුළදී බාල වයස්කාර පිරිමි දරුවෙකුට ලිංගික අතවර කරණ ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල සංසරණය වී ඇත. එම වීඩියෝ දර්ශණය දැක ඇති අයෙක් ඒ පිළිබදව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර ඇත. එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස් මූලස්ථානය විසින් හලාවත පොලීසියට දැණුම් දී ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වී ඇති පොලීසිය අතවරයට පත්ව ඇති දරුවා හදුනා ගැනීමට කටයුතු කර ඇත. පසුව එම දරුවා සහ දරුවාගේ පියාව පොලීසියට කැදවා ප්‍රකාශයක් ලබා ගෙන ඇත.
තමන්ට සැකකරු අතවර කලේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ දිනක බව දරුවා පොලීසියට පවසා ඇත. දරුවාගෙන් ලද තොරතුරු මත අතවර කිරීමේ සිද්ධියට 54 හැවිරිදි අයෙකුව සහ ඊට අනුබල දීමේ චෝදනාව මත 58 හැවිරිදි සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. අතවරයට පත්ව ඇති දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත. සැකකරුවන් දෙදෙනා හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.







