Sunday, May 5, 2024

පුත්තලමේ වෙරළ ඛාදනය වැඩිවීම නිසා විට නගුල්එලිය හා මුතු පංතිය ධීවර ගම්මාන අනතුරේ

Must read

විනාශ වු නිවසක්.-1 දැමු ගල්විටි. පොල් ගස් වලට බලපා ඇත. පාර සේදි ගිහින් 2.

පවතින අයහපත් දේශගුණික තත්ත්වය මත මේ වන විට පුත්තලම දිසාව තුළ වෙරළ ඛාදනය සක්‍රිය වි ඇති අතර මේ වන විට නගුල්එලිය හා මුතු පංතිය ධීවර ගම්මානවලට එහි බලපෑම දැඩි ලෙසින් දැනී ඇති අතර මේ නිසා  එම ගම්මානවල ජනතාව විශාල බියකින් යුතුව ජීවත් වන බව එම ව්‍යසනයන් නිරික්ෂණය කිරිම පිනිස  ගිය අවස්ථාවේ දි  එම ධීවර පවුල් පෙන්වා දුන්හ.
බටහිරින් මහ මුහුදත් නැගෙනහිරින් පැරණි ඕලන්ද ඇලත්  උතුරින් උඩප්පුව මෝයටත් මැදිවි ඇති මෙම ගම්මාන දෙකෙහි මේ වන විට පවුල් 250 ක පමණ ජීවත් වන බවත් කියයි.1989 දි පමණ  මු.ුපංතිය ඨිර ගම්මානය ආදර්ශ ගම්මානයක් ලෙසින් සංවර්ධනය කර පදිංචිකරුවන්ට නිවාස ඉදි කර දෙනු ලැබු නමුත් මේ වන විට ගතවු වසර කිහිපයක කාලයක් සිට මෙම වෙරළ දිගට මුහුදු කෑම සක්‍රියවීම නිසා එම නිවාස වල වැවැත්ම අස්ථිරවි ඇති බවත් කියති. 
මුතුපංතිය හා නගුල්එලිය වෙරළ තිරයේ මුහුද පසුගිය සිකුරාදා (5දා ) පස්වරු ප්‍රචණ්ඩත්වයට පත්ව මුහුදු ‍රළ මීටර් 100 කට වැඩි දුරකට  ගොඩ ඇදි ආ බවත් මේ නිසා තමන් දැඩි ලෙසින් භිතියට පත්වු බවත් එම ධීවරයන් පෙන්වා දුන්හ.
වාරකන් කාලය අදා වු පසු මුහුදෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ යා හැකි වුවත් මෙම වලලායේ දි මුහුද මෙසේ ප්‍රචණ්ඩවි තමන්ට බාෂා එල්ල කරණුයේ දේව ශාපයක් නිසා බවත් කියති.
මුතු පංතිය ගම්මානය වැලි පරයක් මත ගොඩ නැගි ඇති අතර මුහුදු කෑම නිසා එම වැලි පරය  මුහුදුට ගසා ගෙන ගිය හොත් මුහුද කිලෝමීටර් ගණනාවක් දුර ගොඩ කරයට ඇති යා හැකි බවත් ඇතැම් ධීවරයින් පෙන්වා දුන්හ .
මේ වන විට උතුරු මුතුපංතිය ප්‍රදේශයේ උඩප්පුව දක්වා වැටි ඇති මාර්ගය ද මෙම මුහුදුකෑමට ලක්වි ඇති අතර ඉදිරියේ දි එම මාර්ගය මුහුදට සේදි ගියහොත් තමන් මුදු ගොස් අල්ලා ගෙන එන මාළු අලෙවිය පිණිස උඩප්පුව මාළු වෙළද පල වෙත ගෙන යාම සිහිනයක් වන බවත් කියයි.
වෙරළාසන්නයේ නිවාස ගණනාවකටම මෙම මුහුදු කෑම බලපා ඇති අතර පොල් ගස් ගණනාවක්ද මුහුදට සේදි යන තත්ත්වයක් ඇතිවි ඇතිබ ව දැක ගත හැකි විය.
පසුගිය කාලයේ දි මුහුදු කෑම සක්‍රීය වු විට ආණ්ඩුව ගල්වැටි දැමු අතර එම ගල් වැටි දැමීම නතර කළ අතර එම ස්ථානයේ පිට උඩප්පුව මෝය දක්වා මුහුදු කෑම වලක්වා ගැනීමට ඇති එකම විසදුම යළි ගල්වැටි දැමීම බවත් කියයි.
නගුල්එලිය මුහුදු තිරයට මේ දක්වා ගල් වැටි නොදැමීම නිසා තමන්ට ඉදිරියේ දි දරුණු බලපෑම් වලට මුහුණ දීමට සිදුවිය හැකි බව නගල්එලිය ප්‍රදේශවාසින් පෙන්වා දුන්හ.  විශේෂයෙන්ම මුහුදු ආසන්නයේම පොල් අතු පැල්පත්වලින් සපිරි නගුල්එලිය ජනතාව දැඩි ලෙසින් දරිද්‍රතාවට ලක්ව ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ . 
මෙම සක්‍රිය වි ඇති මුහුදු කෑම සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට මුතුපංතිය වෙරළ තීරය වෙත ගිය අවස්ථාවේ දි ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකාරණ දෙපාර්තමේන්තුවේ  සංවර්ධන නිලධාරිණි ඩි.ජි.සී. සිල්වා මහත්මිය ද එහි පැමිණ සිටිය දි මුණ ගැසුණි. ඇය කියා සිටියේ මෙම විනාශය සම්බන්ධයෙන් තම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින්ට දැනුම් දිනු අතර නිවාස ආරක්ෂා කර ගැනීමට වැලි පිරවු පොලිතින් අර යෙදිම සුදුසු නිසා ගම්වාසින් විසින් ඉල්ලා සිටි එම උර 100 ක් ඔවුන් වෙත ලබා දුන් බවත් කිවාය .
සිදුවු වි ඇති හානිය ජායාරූප වල දැක්වේ.
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article