Thursday, May 2, 2024

පොල් ආදායම අඩුවේ- කැඩුම් මිළ ඉහළ යයි ?

Must read

inner11535961375මහා පරිමාණයෙන් සහ සුළු පරිමානයෙන් පොල් වගාකරන්නන් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න අතරට අලුතින් මතුවී ඇති ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ පොල්  කැඩුම්කරුවන් අය කරන මිළ ඉහළ යාමයි. මේ පිළිබදව පොල් වගාකරුවන් අතර දැඩි කතාබහක් ඇතිවී ඇති අතර මෙම මිළ එක ගසකට රු 100 – 150 දක්වා වැඩිවී තිඛෙන බව ඔවුන් පවසයි. මේ දිනවල පොල් ගැනුම් මිළද අඩුවී ඇති අතර,
සාමාන්‍යයෙන් එක ගසකට අයකරන මිළ රු 70 වක් වන අතර මේ ආකාරයට මිළ වැඩිකිරීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව පොල් ව්‍යාපාරිකයන් පවසති. එක ගසක් හෝ දෙකක් තිඛෙන ස්ථානයකදී මේ ආකාරයට රු 100ක් අය කළත් ඊට වඩා වැඩි ප්‍රමාණයක පොල් කඩන විට එසේ අයකිරීමෙන් පොල් වලින් අදායමක් නොලැඹෙන බවට පොල් වගාකරුවන් මැසිවිලි නගයි. මෙය පොල් කැඩුම්කරුවන් විසින් සිය හිතුමතේට සාදාගත් අයකිරීමක් බවක් කිසිදු සම්මතයකට අදාළව සිදුවී ඇති වැඩිවීමක් නොවන බව මේ පිළිබදව සොයාබැලීමේ දී පෙනීයයි.
පහත පළවන්නේ මේ පිළිබදව ඊයේ මුහුණු පොතේ පළවූ අදහසකි.
coconut1

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article