Friday, May 17, 2024

පොලීසියට බෝම්බ ගැසීමට සූදානමක් ඇති බවට බොරු ඇමතුමක් දුන් කාන්තාව අත්අඩංගුවට

Must read

3395

දංකොටුව පොලීසියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සුදානමක් ඇති බවට ව්‍යාජ දුරකතන ඇමතුමක් ලබා දුන් බව කියන සැකකාරියක්ව මෙම මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාරවිල දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අසංක ශ්‍යාමල් බෝදරගම මහතා නියම කර ඇත.

දිසා විනිසුරුවරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ දංකොටුව – මොහොට්ටිමුල්ල පදිංචි 23 හැවිරිදි තරුණියක්වය.සැකකාරිය විසින් ඇමතුම ලබා ගත් දුරකතනයේ හිමිකාරිය වන ඇයගේ සහෝදරියව රුපියල් ලක්ෂ 03 ක ශරීර ඇප මත මුදා හැරීමටද දිසා විනිසුරුවරයා නියම කර ඇත.එම සැකකාරිය නාවලපිටියේ පදිංචිකාරියකි.

පසුගිය 18 වැනිදා රාත්‍රීයේ පොලිස් හදිසි ඇමතුම් අංශයට (119)  සැකකාරිය විසින් ඇමතුමක් ලබා දී සදහන් කර ඇත්තේ දංකොටුව පොලීසියට එදින රාත්‍රීයේ බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවත්,ඒ සදහා කොළඹ සිට පාතාල කණ්ඩායමක් පැමිනෙමින් සිටින බවත්ය.

එම පණිවිඩය අනුව දංකොටුව පොලීසියේ ආරක්ෂාව තර කර දුරකතන විශේලේෂණ අනුව විමර්ශණ කටයුතු සිදු කර ඇත.

එම විමර්ශණය සිදු කළ වෙන්නප්පුව පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන් ඇමතුම ලබා දුන් දුරකතනය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගෙන ඔවුන් පදිංචි ස්ථානය වට කර සැකකාරියන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

ප්‍රධාන සැකකාරියගේ සහෝදරියක් නාවලපිටියේ පදිංචිව සිටින අතර,ඇය අවුරුදු වෙනුවෙන් තම මව්පියන් දැක ගැනීමට දංකොටුවට පැමිණ සිට ඇත. එම අවස්ථාවේ ප්‍රධාන සැකකාරිය විසින් තම සහෝදරියගේ දුරකතනයෙන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ව්‍යාජ තොරතුර ලබා දී ඇති බව විමර්ශණ වලදී හෙලිවී ඇත.

ඒ අනුව ව්‍යාජ තොරතුර ලබා දුන් සැකකාරිය සහ දුරකතනයේ හිමිකාරියව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට දංකොටුව පොලීසිය කටයුතු කර තිබුණි.

දංකොටුව පොලීසිය සහ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී කාර්යාලය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.


ජූඩ් සමන්ත

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article