Friday, May 3, 2024

බිංගිරියේ ඇගළුම් කර්මාන්ත ශාලාවක කොවිඩ් අසාධිතයින් වැඩිවීමේ අවධානමක්

Must read

02(1)

බිංගිරිය – විලත්තව ප්‍රදේශයේ පවත්වා ගෙන යන ඇගළුම් කර්මාන්ත ශාලාවක් තුළ සේවය කරන සේවක සේවිකාවන් අතර කොවිඩ් ආසාධිත ප්‍රමාණය තවත් වැඩි වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

මෙම ඇගළුම් හලේ සේවය කරන සේවක සේවිකාවන් 150 දෙනෙකු වැඩි ප්‍රමාණයක් කොවිඩ් ආසාධිතයින් බවට පසුගිය සතියේ හදුනා ගෙන තිබුණි.මේ අතර පසුගිය 29 වැනිදා අළුයම වන විට තවත් රෝගන් 35 දෙනෙකු වාර්තා වී ඇත.

ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කොට්ඨාසයෙන් 17 ක්,මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 03 ක්,පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 02 ක් සහ පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 01 කු කොවිඩ් ආසාධිතයින් ලෙස වාර්තා වී තිබුණි.තවද, ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාධිතයින් 03 ක්, හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 10 ක් සහ මාදම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 03 ක් වාර්තා වී ඇත.

මෙම සියළුම ආසාධිතයින් බිංගිරිය – විලත්තව පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් වීම විශේෂත්වයකි.පවතින තත්ත්වය නිසා මෙම ඇගළුම් කර්මාන්ත ශාලාව වසා දමන ලෙස ප්‍රදේශවාසීන්  පසුගිය 26 වැනිදා විරෝධතාවයක්ද පවත්වන ලදි.

ජුඩ් සමන්ත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article