Friday, May 17, 2024

වෙන්නප්පුව ප්‍රා. සභාපතිවරයා ආරම්භ කළේ ‘ සුනඛ සෙවනක් ද? ‘ සත්ව අනාථාගාරයක්ද ?

Must read

179067968_1606496236211544_3364181242448625546_nදැනට මාස කීපයකට පෙර වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපතිවරයා විසින්  අයාලේ යන වීදි සතුන් වෙනුවෙන් ආරම්භ කළ සුනඛ සෙවන සුබසාධන මධ්‍යස්ථානය මේ වනවිට  සත්ව ආනාථාගාරයක් මෙන්ම සතුන්ට මරණ මංචයකයක් වී ඇතැයි දිවයිනේ සත්ව සුබසාධනය වෙනුවෙන් ක්‍රියාකරන සංවිධාන විසින් පෙන්වා දෙති.  අවට ජනයා මෙම ස්ථානයට සතුන් ගෙනත් ( සුනඛයින්,පූසන්) ගෙනත් අතහැර දමායන ස්ථානයක් බවට පත්ව ඇති අතර සතුන් පාලනය වන ස්ථානයක පරිසරයක් මෙහි නොමැති බව ඔවුන් පෙන්වා දෙයි. ඒමෙන්ම මෙම ස්ථානයේ මුරකරුවෙකු පමණක් සිටින අතර සතුන්ගේ සෞඛ්‍යාආරක්ෂාව වෙනුවෙන් කිසිවක් සිදුකිරීමට ප්‍රාදේශීය සභාවට හැකියාවක් නොමැත. ඒම නිසා පූසන් මෙන්ම කුඩා බලු පැටව් අකාලයේ මිය යමින් සිටිති. මෙම ස්ථානයට පැමිණෙන සත්ව සුබසාධන සංවිධාන කීපයක්ම අසනීප තත්ත්වයෙන් පෙලුණු පූසන් හා සුනඛයන් ඔවුන්ගේ රැකවරණයට ගෙනගොස් ඇත. පහත දැක්වෙන්නේ ඒසේ ගෙනගිය සතුන් පිළිබදව සුරතල් සතුන් ඇතිකරන්නන්ගේ සංගමයේ සාමාජිකාවක් විසින් පළකර ඇති පෝස්ටුවකි.

උපුටා ගැනීම  -සුරතල් සතුන් ඇතිකරන්නන්ගේ සංගමයේ
ඉක්මන් සදාකාලික සෙවණක් අවශයයි.
වෙන්නප්පුව සත්ව අනාතාගාරයෙන් ගෙන ආ මේ ලස්සන නිරෝගී ලස්සන කොලු පැටවුන් සදහා සදාකාලික සෙවණක් ඉක්මනින් අවශයයි.
මෙතන පැටවුන් 12 ක් පමණ සිටිනවා.
එක් පැන්චෙක්ට හෝ ඉඩක් දිය හැකිනම් ගෙනත් දෙන්නම්.

පැටවුන් 70ක් පමණ අවශය ප්රතිකාර, තාවකාලික නවාතැන් කරා

Enoka Ruberu
Thilini Gamage

කාරුනික මහත්මීන් යොමුකරත් අද දිනයෙත් පැටවුන් සයදෙනෙක් එතනට ගෙනත් දාල..

ඒ පැටවුන්ගේ සහ එලෙස දිනෙන් දින ගෙනත් දාන එම ස්තානයේ ලෙඩ වෙලා නිසි පෝශණයක් නොමැතිව මියැදෙන ජීවිත බේරාගැනීමටනම් මේ නිරෝගී අය ඉක්මනින් සදාකාලික සෙවණකට යොමු කල යුතුයි…
අනේ පිහිටක් වෙන්න… මේ අසරනයින්ටත් ආදරය, කරුනාට, රැකවරණය, නිසි පෝශණය අවශයයි.
කාරුනික, සත්ව ප්රේමී ඔබේ මැදිහත්වීම අපට අවශයයි.
මේ පැටවුන්ට ඉඩක් දෙන්න..
  179626005_1606496212878213_2438548012961148653_n

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article