Friday, May 3, 2024

බුරුමයේ මාධ්‍යවේදියෙකුට ත්‍රස්තවාදී පනත යටතේ චෝදනා, වෙබ් අඩවියට තහංචි

Must read

b866fdf3e66643d99583a14f072002ae_18
වොයිස් ඔෆ් මියන්මාරයේ ප්‍රධාන කර්තෘ නයි මයෝ ලින් අඟහරුවාදා මැන්ඩලේහිදී පොලිසිය විසින් උසාවියට කැඳවාගෙන යනු ලැබීය [Stringer/Reuters]

 


බුරුමයේ වෙබ් මාධ්‍යවේදියෙකු   වන ” වොයිස් ඔෆ් මියන්මාරයේ  ” ප්‍රධාන කර්තෘ ”නේ මයෝ ලින්”  ට Nay Myo Lin,  එරට අධිකරණය විසින් ත්‍රස්තවාදය පනත යටතේ  චෝදනා එල්ලකොට  තිබේ. ත්‍රස්තවාදි පනත යටතේ එරට අධිකරණය විසින් ඔහුට චෝදනා එල්ල කර ඇත්තේ බුරුමයේ කැරලිකාර කන්ඩායමක් වන රඛේන් ( Arakan Army ) නියෝජිතයන් සමග සම්මුඛ සාකච්ඡාවක් ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙනි.
රඛේන් හමුදා කැරලිකාර කණ්ඩායම සමඟ සම්මුඛ සාකච්ඡාවක් ප්‍රකාශයට පත් කළ මෙම මාධ්‍යවේදියාට මියන්මාර අධිකරණය විසින් චෝදනා ගොනු කර ඇති අතර, ඔහුගේ වෙබ් අඩවිය සහ  බටහිර රඛේන් ප්‍රාන්තයේ ගැටුම් පිළිබඳ වාර්තා කරන වෙනත් අය අවහිර කර ඇති බව රොයිටර් පුවත් ඒජන්සිය බදාදා වාර්තා කළේය.

මේ වනවිට බුරුම රජය විසින්  රඛේන් හමුදාව  ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස  ප්‍රකාශයට පත්කර ඇති අතර  මෙම මාධ්‍යෙවදියා විසින් රඛේන් හමුදා කන්ඩායම සමග සම්මුඛ සාකච්ඡාව පවත්වා ඇත්තේ මාර්තු 27 වනදායි. එරට දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ හි අධිකරණය විසින් අඟහරුවාදා ත්‍රස්තවාදී පනතේ වගන්ති යටතේ නේ මයෝ ලින්ට එරෙහිව චෝදනා ගොනු කරන ලදී. මෙම නඩු විභාගයට සහභාගීවීමෙන් අනතුරුව නේ මයෝ ලින් විසින් Radio Free Asia  වෙත ප්‍රකාශයක් කරමින්  කියා සිටියේ
“මියන්මාර පුවත්පත් මණ්ඩලයේ ( MPC) සාමාජිකයින් වාර්තාව සමාලෝචනය කර  තමන්මා ධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කර ඇති බව  සොයා ගන්නේ නම්, ඔවුන්ට මට ඕනෑම ආකාරයක ද දඩුවමක්  ලබා දිය හැකි බවයි. ”

බුරුමය තුළ    බෞද්ධ වාර්ගික රඛේන්  බහුතරය  බදවාගනිමින්  කලාපය තුළ වැඩි ස්වාධිනත්වයක් අපේක්ෂා කරන කණ්ඩයමක් වන රඛේන් හමුදාව ( Arakan Army) සමග වසරකටත් අධික කාලයක්   සටන් වදින බුරුම රජය විසින් පසුගිය සතියේ රඛේන් හමුදාව ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස ප්‍රකාශයට පක්කරන ලදී.

දේශසීමා රහිත වාර්තාකරුවන් ද (Reporters Without Borders )   නේ මයෝ ලින්ට එරෙහිව  කර ඇති  සම්පූර්ණයෙන්ම අසමාන චෝදනා වහාම ඉවත් කර ගන්නා ලෙස” ප්‍රකාශ කරන  ලදී. එමෙන්ම ඔවුන් සදහන් කර ඇත්තේ  රජය සහ සන්නද්ධ කණ්ඩායම අතර ගැටුම අවසන් කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡා නැවත ආරම්භ කිරීමේ අරමුණින් මාධ්‍යවේදියා සිය සම්මුඛ සාකච්ඡාව ප්‍රකාශයට පත් කර ඇති බවයි.

arakan-army-info-desk

arakan Army (https://www.dmediag.com/news/968-aa2020)


තොරතුරු www.aljazeera.com ඇසුරෙන්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article