Sunday, May 19, 2024

බෝයගනේ හමුදා කදවුරේ වෙඩි තැබීමක් !

Must read

 

shoot_in_boyagane_camp

කුරුණෑගල, බෝයගනේ යුද හමුදා කදවුර තුළදී ගිනි අවියකින් වෙඩි වැදී බරපතල තුවාල ලැබූ බව කියන හමුදා සෙබළෙකු අද  (20 දා) අලුයම කුරුණෑගල පළාත් මහ රෝහලට ඇතුළත්කරනු ලැබීය.

මෙලෙස තුවාල ලබා ඇත්තේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ, බෝයගනේ මූලස්ථාන කදවුරෙහි සේවය කරමින් සිටි 21 හැවිරිදි ආධුනික සෙබළෙකි. හෙතෙම ගල්ගමුව, මහනාන්නේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙයි. මෙම සෙබළා ඊයේ රාත්‍රියේ සිට කදවුරේ මුර රාජකාරියේ යෙදී සිට ඇති අතර අද අලුයම 1.15 පමණ බරපතල තුවාල සහිතව මුර කුටියක වැටී සිටියදී අනෙකුත් සෙබලුන්ට හමු වී තිබේ.

වෙඩි වැදීම හේතුවෙන් සෙබළාගේ පපු ප්‍රදේශය තුවාල වී ඇති අතර ඔහුගේ තත්වය බරපතල බව කුරුණෑගල මහ රෝහල් ආරංචි මාර්ග කියයි. තුවාලකරුගේ තත්වය අසාධ්‍යවීම හේතුවෙන් ඔහු මේ වනවිට හදිසි අනතුරු අංශයේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටී. මෙය වෙඩි තබාගැනීමක්දැයි එසේත් නැතිනම් වෙනත් අයෙකු විසින් කළ වෙඩි තැබීමක්දැයි යන්න අනාවරණය කරගැනීම පිණිස කුරුණෑගල මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

(ප්‍රවෘත්තිය සදහා යොදාගෙන ඇති  ඉහත  ඡායාරූපය මෙම සිදුවීමට අදාළ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල නිරූපනයක් පමණක් බව කරුණාවෙන් සලකන්න .)

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article