Monday, May 6, 2024

නියෝජ්‍ය පොලිස්පති මහේන්ද්‍රන් පොලිසියෙන් සමුගනී.

Must read

dig_mahendran_1

වසර 39 ක සිය දීර්ඝ සේවා කාලය අවසන් කරමින්, කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එඩ්මන්ඩ් මහේන්ද්‍රන් මහතා පසුගිය 02 වැනිදා පොලිස් සේවයෙන් විශ්‍රාම ගියේය.

1979 ජනවාරි මස 15 වැනිදා උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට එක් වූ මහේන්ද්‍රන් මහතා පියවරෙන් පියවර උසස්වීම් ලබමින් නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා පැමිණි අයෙකි. විවිධ තනතුරු හොබවමින් පානදුර, මහනුවර, නුවරඑළිය ඇතුලු පොලිස් කොට්ඨාශ ගණනාවක සේවය කර ඇති මහේන්ද්‍රන් මහතා යුද සමයේදී කන්කසන්තුරේ, මාන්කුලම් වැනි ප්‍රදේශවල රාජකාරි කරමින් උතුරු මානුෂිය මෙහෙයුම්වලටද සිය සක්‍රිය දායකත්වය දුන් පොලිස් නිලධාරියෙකි. ඇමරිකා එක්සත් ජනපදය, බුරුමය, ඉන්දියාව ඇතුලු රටවල් ගණනාවකදී විශේෂ පුහුණුව ලබා ඇති මහේන්ද්‍රන් මහතා පූර්ණභුමි පදක්කම, විශිෂ්ට සේවා පදක්කම, දීර්ඝ සේවා පදක්කම, උතුරු මානුෂිය මෙහෙයුම් පදක්කම සහ නිදහස් ස්වර්ණ ජයන්ති පදක්කම ඇතුලු පදක්කම් ගණනාවක් දිනා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුද වෙයි.

සේවයෙන් විශ්‍රාම යන එඩ්මන්ඩ් මහේන්ද්‍රන් මහතා වෙත පොලිස් උත්තමාචාරයක් පිරිනැමීම වැහැර පිහිටි පොලිස් සේවාස්ථ පුහුණු ආයතන පරිශ්‍රයේදී පසුගියදා සිදුකෙරිණි. පොලිස් උත්තමාචාර පිරිනැමීමෙන් අනතුරුව මහේන්ද්‍රන් මහතාගේ සේවය අගය කරමින්, කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් රත්නායක මහතා විසින් සමරු තිළිණයක්ද පිළිගැන්විණි. මෙම අවස්ථාවට කුරුණෑගල සහකාර පොලිස් අධිකාරිවරුන් සහ කුරුණෑගල දිසාවට අයත් පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් ඇතුලු උසස් නිලධාරිහු පිරිසක් එක් වී සිටියහ.

ඡායාරූප අනුග්‍රහය – අංජන දිසානායක 

dig_mahendran_2

dig_mahendran_4

dig_mahendran_5

dig_mahendran_6

dig_mahendran_3

dig_mahendran_7

dig_mahendran_8

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article