Friday, May 3, 2024

මත්තල වී එළියට විසිවෙන හැඩයි?

Must read

Mattala-International-Airportශ්‍රී ලංකාවේ ප්‍රධානම ගුවන් තොටුපළ ලෙස සැලකෙන කටුනායක ගුවන් තොටුපළෙහි ගුවන් ධාවන පථයේ අළුත්වැඩියා කටයුතු හේතුවෙන් දිනකට ආසන්න වශයෙන් දිනකට පැය අටක් බැගින් මාස 03ක කාලයක් ගුවන් තොටුපොළ වසාදැමීමට සිදුවන බව සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා ඇතැයි ලංකා එවියේෂන් නිවුස් වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙය මෙතරම් කලින් තීරණය කරන ලද්දේ ශ්‍රී ලංකාවට පියාසර කරන අනෙක් ජාත්‍යන්තර ගුවන් සමාගම් වල පහසුව පිණිස බවද ඔහු පවසා ඇත.

කටුනායක ගුවන් තොටුපළ ධාවන පථයේ අළුත්වැඩියා කටයුතු අවසන්වරට සිදුකර ඇත්තේ 1986 වසරේදීය. මේ වන විට කටුනායක ගුවන් තොටුපළ මගින් දිනකට ගුවන් යානා මෙහෙයුම් 175 ක් පමණ සිදුකරන බවත් , එම ගුවන් මෙහෙයුම්වලට බාධාවක් නොවන අයුරින් අදාළ අළුත්වැඩියා කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.

මෙසේ ගුවන්තොට තාවකාලිකව වසාදැමිමට නියමිතව ඇත්තේ 2017 වසරේදිය.

2017 වසරේදී කටුනායක ගුවන් ධාවන පථයේ නඩත්තු කටයුතු ආරම්භ කිරීමත් සමග මත්තල ගුවන් තොටුපළ විකල්ප ගුවන් තොටුපළ ලෙස යොදා ගැනීමට ගුවන් බලධාරීන් විසින් කටයුතු සූදානම් කරමින් සිටිතැයි වාර්තා වන බවද ලංකා එවියේෂන් නිවුස් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරයි. නමුත් හම්බන්තොට සිට කොළඹ වෙත ළඟාවීමේදී ගත වන කාලය මෙහිදී ගැටළුකාරී තත්වයක් බවද වාර්තා වේ. කෙසේ වුවද කටුනායක අළුත්වැඩියා කරන කාලවකවානුව තුළ මත්තල ගුවන් තොටුපළ එම අඩුව පිරවීමට හැකි එකම විකල්පයද වේ. රත්මලාන ගුවන් තොටුපළ තුළ හැසිරවිය හැකි මගී ධාරිතාවය අවම අගයක් අගයක් බැවින් එයද විකල්ප ගුවන් තොටුපළක් ලෙස භාවිත කිරීමේ ඉඩකඩ අවම වන බවද එම වෙබ් අඩවිය වැඩිදුරටත් කියයි.

(lankaaviationnews.com ඇසුරෙනි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article