Saturday, May 18, 2024

මන්ත‍්‍රී සනත් නිශාන්තට තව ලෙඩක් !

Must read

sanath_nishantha2ආරච්චිකට්ටුව සතිපොළ භූමියේ බදු මුදල් එකතු කිරීමේ ටෙන්ඩරය නීත්‍යානුකූල ලෙස ලබාගත් තමන් ඒ සදහා වන ගිවිසුම් අත්සන් කිරීම සදහා ආරචිචිකට්ටුව ප‍්‍රාදේශීය සභාව වෙත ගිය අවස්ථාවේදී එහි කඩා වැදුණු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත පෙරේරා මහතා සහ ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා මහතා විසින් බැන තර්ජනය කර බදු ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාව වෙනත් අයෙකුට ලබා දුන් බවට ආරච්චිකට්ටුව තැපැල් කාර්යාලය අසල පදිංචි යාපා ලක්මාල් සම්පත් යාපා මහතා විසින් හලාවත පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

අදාළ සිදුවීම පිළිබදව පැහැදිලි කළ ලක්මාල් සම්පත් යාපා මහතා මෙසේ පැවසීය.

‘‘ආරච්චිකට්ටුව සතිපොළ භුමියේ බදු මුදල් එකතු කරන්න මීට මාස තුනකට කලින් ටෙන්ඩර් කැදවලා තිබුණා. ඒකට මමත් රුපියල් පනස් හතර ලක්ෂ අසු දහස් අසු අටකට ටෙන්ඩර් පත‍්‍රයක් දැම්මා. තවත් තුන් දෙනෙක් මට වඩා වැඩි මුදලකට ටෙන්ඩර් ඉදිරිපත් කරලා තිබුණත් ඔවුන් නියමිත කාලයේදි අවේ නැති නිසා නිසා ප‍්‍රාදේශීය සභාවේ ලේකම්තුමා මගේ ටෙන්ඩර් එක තෝරගෙන රුපියල් විසි එක් ලක්ෂ අනුපන්දහස් පන්සිය පනස් පහක මුදලක් දෙසැම්බර් මාසේ 31 වැනිදාට කලින් ගෙවලා ගිවිසුම් අත්සන් කරන්න කියලා මට දැනුම් දුන්නා. ඒ අනුව මම පහුගිය 31 වැනිදා ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවට ගිහිල්ලා නියමිත මුදල ගෙවලා ගිවිසුම් අත්සන් කරන්න ලෑස්ති වෙනකොට එතැනට ජගත් සමන්ත මහත්තයා ආවා. ඊට පස්සේ එයාගේ මල්ලි, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත පෙරේරා මහත්තයාත් ආවා. ඔවුන් එහිදී ලේකම් මහත්තයා එක්ක කතා කරලා මගේ ගිවිසුම් අත්සන් කිරීමේ කාලය ඉවර නිසා මට ටෙන්ඩරය දෙනවාට විරුද්ධයි කියලා කීවා. ඒ නිසා ඊළග ටෙන්ඩර්කරුට ටෙන්ඩරය එක්ක දෙන්න කියලා සභා සේවකයින්ටත් තර්ජනය කරලා මාවත් එළවාලා දැම්මා.’’ යැයි පැවසීය.

මෙම චෝදනාව පිළිබදව ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කේ. ජගත් සමන්ත පෙරේරා මහතාගෙන් කළ විමසීමකදී මෙලෙස පැවසීය.

‘‘ මෙතන සභාව වැරදි තීරණයක් ගෙන තියෙනවා. නියමිත වේලාවට ගිවිසුම් අත්සන් නොකළ අයෙකු කැදවා ගිවිසුම් අත්සන් කිරීම වරදක්. ඊළගට ටෙන්ඩර් ලැයිස්තුවේ සිටි පුද්ගලයා එතැනට ඇවිත් සිටි නිසා අපි ඉල්ලා හිටියේ මේ ටෙන්ඩර් එක ඔහුට දෙන්න කියලයි. සභාවේ ලේකම්වරයාට මේ ගැන තනි තීරණයක් ගන්න බැරිවෙච්ච නිසා අපි පළාත් පාලන කොමසාරිස්ට සහ අමාත්‍යාංශ ලේකම්වරයාට සිද්ධිය ගැන දැනුම් දීලා ඔවුන්ගෙන් තීරණයක් ලැබෙන තුරු අපි සභාවට වෙලා හිටියා. ඒ මිසක් වෙන නරක දෙයක් නම් එතැන වුනේ නැහැ. නමුත් සමහරු දැන් මේක අල්ලාගෙන මාධ්‍ය සංදර්ශණ දාන්න හදන බවත් පේනවා.’’ යැයි පැවසීය.

මේ පිළිබදව කළ විමසීමකදී දීර්ඝ පැහැදිලි කිරීමක් කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත පෙරේරා මහතා තම ආධාරකරුවෙකු විසින් රුපියල් ලක්ෂ 70 ක මුදලකට අදාළ ටෙන්ඩරය සදහා අයදුම් කර තිබියදී සභාවේ ලේකම්වරයා විසින් පක්ෂග‍්‍රාහී ලෙස කටයුතු කරමින් ඊට වඩා අඩු මුදලකට අයදුම් කළ පුද්ගලයෙකුට ටෙන්ඩරය ලබාදීමට සූදානම් වන බවට ලැබුණු තොරතුරකට අනුව තමන් ආරචිචිකට්ටුව ප‍්‍රාදේශීය සභාව වෙත ගොස් ඊට විරෝධය පළ කළ බවයි. සභාවට ලැබීමට තිබූ රුපියල් ලක්ෂ ගණනක මුදලක් අහිමි කරමින් අදාළ ටෙන්ඩර් ප‍්‍රදානය සිදු වූයේ නම් එට තම ආධාරකරුවාට මෙන්ම සභාවටද සිදුවන අසාධාරණයක් බැවින් ඒ පිළිබදව වයඹ පළාත් සභාවේ ඉහළ නිලධාරීන්ට දැනුම් දී අදාළ ටෙන්ඩර් පිරිනැමීම විධිමත් කරවීමට පියවර ගත් බවත්, එම ස්ථානයේ කිසිදු කලහකාරී සිදුවීමක් නොවූ බවද පැවසීය.

මේ අතර ආරචිචිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ ලේකම් ඒ. ප‍්‍රැන්සිස් ලෝව් මහතාද හලාවත පොලිසියට පැමිණිල්ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයා සහ හිටපු සභාපතිවරයා පැමිණ අදාළ ටෙන්ඩර්කරුට ටෙන්ඩරය දීමට විරෝධය පලකිරීම නිසා ගැටුමක් ඇති නොවීම පිණිස වයඹ පළාත් පාලන කොමාසාරිස්වරයාගේ සහ අමාත්‍යාංශ ලේකම් වරයාගේද උපදෙස් පරිදි අදාළ මෙම ටෙන්ඩර් කැදවීම අවලංගු කළ බවත්, ඒ සදහා අඵතින් ටෙන්ඩර් කැදවීමක් කර සුදුසු ටෙන්ඩර්කරුවෙකු තෝරාගන්නා තෙක් බදු මුදල් එකතු කිරීමට සභා සේවකයින් යෙදවීමට තීරණය කර ඇති බැවින්, ඒ සදහා සදහා ආරක්ෂාව ලබා දෙන ලෙසත් පොලිසියෙන් ඉල්ලා තිබේ.

හලාවත ඔගස්ටින් ප‍්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article