Thursday, May 2, 2024

මහින්ද එපා කී පුටුවට අලවතුවලයි, දයාසිරියි එයි.

Must read

jc_dayasiriකුරුණෑගල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් ලෙස ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජ‍යසේකර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා පත් කර තිබේ.

එම දෙදෙනා අදාළ තනතුර සදහා පත්කරනු ලැබ ඇත්තේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් ඇතිකරගත් එකගතාවයක් මත බව වාර්තා වෙයි.

සම්බන්ධීකරණ කමිටු සභාපති තනතුරු නම්කිරීම සම්බන්ධයෙන් බොහෝ දිස්ත‍්‍රික්කයන් තුළ පැවැති වියවුල් හේතුවෙන් එම තනතුර සම සභාපති තනතුරක් ලෙස පිහිටුවීමටත්, අදාළ දිස්ත‍්‍රික්කයේ මහ මැතිවරණයේදී පළමු සහ දෙවැනි තැන දිනාගත් පක්ෂවල මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු සම සභාපතිවරුන් ලෙස නම්කිරීමටත් ජනාධිපතිවරයා අගමැතිවරයා විසින් එලෙස පැමිණ ඇති එකගතාවය බවද කියැවෙයි.

නව රජය පිහිටුවීමෙන් පසුව අදාළ දිස්ත‍්‍රික්කය ජයග‍්‍රහණය කළ පක්ෂයේ වැඩිම මනාපලාභියාට දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කටිටුවේ සභාපති ධූරය පිරිනැමෙන බව සහ එම තනතුර වෙනුවෙන් වෙනම කාර්යාලයක්, නිල වාහනයක් සහ කාර්ය මණ්ඩලයක් ඇතුඵව කැබිනට් අමාත්‍ය තනතුරකට සමාන බලතල ලබාදීමට නියමිත බවටත් රජය විසින් නිවේදනය කළේය.

ඒ අනුව කුරුණෑගල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති තනතුරට සුදුසුකම් ලබා සිටියේ පසුගිය මැතිවරණයේදී එම දිස්ත‍්‍රික්කය ජයග‍්‍රහණය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැඩිම මනාපලාභියා වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වූ නමුත් ඒ මහතා විසින් එම තනතුර භාරගැනීම ප‍්‍රතික්ෂේප කළේය.

මේ පිළිබද සවිස්තර වාර්තාවක් හෙට දිනයේදී අප වෙබ් අඩවියේ පළකෙරෙන ‘වයඹ අලු යට ගිනි’ විශේෂාංග ලිපියෙහි ඇතුළත් වී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article