Saturday, May 18, 2024

මාදම්පේ කාන්තාවකට අතක් අහිමිවීම පිටුපස ඇත්තේ වෛද්‍යමය නොසැලකිල්ලද ?

Must read

madampe caxe 2019
ඡායාරූපය – ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න

මාරවිල මුලික රෝහලට උදරයේ සැත්කමක් සඳහා ඇතුළත්වී ඇති 78 හැවිරිදි කාන්තාවකගේ අතක් කපා ඉවක්කර ඇති පුවතක් පසුගියදා මාධ්‍ය විසින් වාර්තා කරන ලදී. මෙම කාන්තාව මාදම්පේ ප්‍රදේශයේ පදංචිකාරියක් වන අතර සිය සැත්කම සඳහා මාරවිල රෝහලට ඇතුළත් වී ඇත්තේ ජුලි 20වනදායි. මෙම කාන්තාවගේ වම් අත ඉවත්කිරීම පිටුපස වෛද්‍යමය නොසැලකිල්ල හේතුවී ඇති බව පෙනී යයි. එනමුත්  මෙම සැත්කම කිරීමට පෙර රෝගියා සිය සැත්කමට අදාළව සිදුවන ක්‍රියාවලිය සහ අවධානම පිළිබදව  දැනුවත් කෙරෙන පෝර්මය වන (Consent Form )  ඇය විසින් කියවා අත්සන් තැබුවාද යන්න ගැන සැකයක් පවතී.  සිද්ධියෙන් පසු ඇය තවමත් ප්‍රතිකාර ලබන අතර මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව මාරවිල මූලික  රෝහලේ  වෛද්‍ය අධිකාරිවරිය මාධ්‍ය වෙත පවසා තිබේ.
මෙවැනි සිදුවීමක් 2005 වර්ෂ⁣යේ ජනවාරි මාසයේදී මීගමුව මූලික රෝහලේ වෛද්‍යවරයෙකු අතින් ද සිදුවූ අතර  ඇයට අහිමි වූයේ පාදයකි.
2005 වර්ෂයේ මැයි මස  තම පාදයේ තිබූ තුවාලය පිරිසිදු කිරීමට වෛද්‍ය උපදෙස් මත මීගමුව මූලික රෝහලට ගිය සිත්ති නසිරාගේ පාදය අනවසරයෙන් ඉවත් කළ බවට මීගමුව මූලික රෝහලේ ශල්‍යවෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු කිහිපදෙනෙකුට එරෙහිව ඇය විසින් කරන ලද පැමිණිල්ලෙන් පසුව නඩු පවරා තිබුනි.
පසුව ඇයට සිදුකළ නැවත ප‍්‍රතිපුර්ණය කළ නොහැකි හානිය වෙනුවෙන් රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා ඇය විසින් මීගමුව දිසා අධිකරණයේ දී නඩු පවරා තිබුනි. ඇය කළ පැමිණිල්ලකට අනුව අදාල වෛද්‍යවරුන්ට එරෙහිව වෛද්‍ය කවුන්සිලය විසින්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබුනි.

 

http://www.right2lifelanka.org/newsview.php?id=70

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article