Friday, May 17, 2024

මාදම්පේ සිලිකා වැලි හැරීම නිසා සිදුවූ බරපතල පරිසර විනාශයට රාජ්‍ය නිලධාරීන්ද වගකිව යුතුයි ?

Must read

 163237600_10159096063819894_8181033425101242841_n
මාදම්පේ ප්‍රෙද්ශයේ කාලයක් පුරා සිදුකෙරණ වැලි හැරීම නිසා බරපතල පරිසර හානියක් සිදුවී ඇති බවට මේ වනවිට එම ප්‍රෙද්ශයේ ජනතාව පවසති. මේ සම්බන්ධයෙන් මැදිහත්වී මෙම වැලි බලපත්‍ර අහෝසිකරන ලෙසද  මෙම වැලි හැරීම නවත්වා දෙන ලෙසටද බලකරමින්  ඔවුන් පසුගිය කාලයේ දිගින් දිගටම විරෝධතා වල නිරත වුණි. මේවනවිට මෙම ප්‍රෙද්ශයේ සිදුවි ඇති පරිසර හානිය සම්බන්ධව යම් පරිසර සංවිධානයක් විසින් නීතිමය මැදිහත්වීමක්ද සිදුකර තිබේ. මේ සම්බන්ධයෙන් පසුගියදා සිය මුහුනු පොතේ සටහනක් තබා ඇති පරිසර යුක්ති කේන්ද්‍රෙය් හේමන්ත විතානගේ මහතා ද මෙසේ පවසා ඇත.
” මාදම්පේ සිලිකා වැලි හාරන්න්නට ගත් භූවිද්යා සමීක්ශන බලපත් වලින් පලාතම වනසන තෙක් බලාසිටි රජයේ නිලදාරීන් ගැන මට ඇත්තේ බලවත් අප්රසාදයකි.
ඛනිජ වැලි සම්පතක් නිසි ලෙස කලමනාකරනය කරන්නට නොහැකි රජයේ නිලධාරීන්, සුදුසුකම් නැති වැලි මංකොල්ලකරුවන් එම සම්පතද වනසා ඇත.
භූ විද්යා තාක්ශනික සේවය නම් හොර ගුහාවද මෙයට වගකිවයුතුය.
ප්රාදේශීය සභා වලින් ගෙනා කුනු පුරවා වලවල් භාගෙට වසා ජලය දූශනය කල වැලි මංකොල්ලකරුවන්ට නීතියෙන් කෙසේ වෙතත් දිනෙක සොබාදහම තීන්දු ගනු ඇත.”162653691_10159096063184894_7461479242373327188_n 163235827_10159096092724894_5625654332175672225_n 163308910_10159096093139894_1792521255570298819_n 163568266_10159096064204894_5868881787188211690_n 163914226_10159096104544894_8759413042050919844_n 164034781_10159096064714894_5216041562262397202_n


ඡායාරූප උපුටාගැනීම- පරිසරවේදී හේමන්ත විතානගේ මහතාගේ මුහුනු පොතින්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article