Saturday, May 4, 2024

වෙන්නප්පුව ‘සුනඛ සෙවන’ රටටම ආදර්ශයක් විය හැකිද ?

Must read

146070129_1813190032171577_2942329644831191582_nවෙන්නප්පුව  සභාපතිවරයාගේ  මැදිහත්වීමෙන්   අයාලේ යන සුනඛයින් හා පුසන් වෙනුවෙන් රැකවරණය සපයන මධ්‍යස්ථානයක් ලෙස  වෙන්නප්පුව සුනඛ සෙවන ආරම්භවී තිබුණි. මෙම සුනඛ සෙවන ආරම්භකර දැනට මාස දෙකක් පමණ වන අතර  මෙම ක්‍රියාව සමාජයේ අවධානයට ලක්වී තිබුනේ ප්‍රාදේශීය සභාවක් මැදිහත්වී මෙවැනි සුබසාධන කටයුත්තක් ආරම්භ කිරීම විශේෂ කාරණයක් බැවිනි.

සාමාන්‍යයෙන්  මේ ආකාරයේ සුබසාධන කටයුතු ප්‍රා.සභාවක් මැදිහත්වී සිදුකළ අත්දැකීමක් මේ වනතෙක් ලංකාවේ නොමැත. ලංකාවේ වීදි සුනඛ ගහනය අර්බුදයක් දක්වා ගමන්කර ඇත්තේ ද  රජය විදි සතුන්ගේ බෝවීම පාලනය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්නොකීරීම නිසාය.

පශුවෙද්‍ය කාර්ය දැනටත් වඩා පළදායිකව සිදුකිරීමට අවශ්‍ය නවීන පහසුකම් , බෙහෙත් , ශ්‍රමය වෙනුවෙන් රජය ප්‍රතිපාදන වෙන්කිරීම අන් ක්ෂේත්‍ර වලට සාපෙක්ෂව ඉතාම අල්පය. මේ වනවිට සිදුකරන ජලභීතිකා එන්නත සිදුකරන්නේ වීදි සතුන්ගේ යහපත වෙනුවෙන් නොව අතර මහජනයාට සතුන්ගෙන් ඇතිවන හානියක් හෝ පීඩාවක් වලක්වාලිම උදෙසාය.

9
save a paw සංවිධානය විසින් සුනඛ සෙවනට නව නිවහනක් සාදන ආකාරය

සුනඛයින් වන්දනය කිරීම සිදුවුවත් එය සංඛ්‍යාත්මකව අල්පය.  විදි සතුන්  සෞඛ්‍යසම්පන්නව ජීවත්කරවීම වෙනුවෙන් රජය කිසිදු වියදමක් නොදරන අතර  නිසාම සත්ව සුබසාධනය වෙනුවෙන්  විවිධ සංවිධාන හා කන්ඩායම් මැදිහත් වෙමින් සිටියි. මේ වනවිට  ලංකාව තුළ එම සංවිධාන  වල  ක්‍රියාකාරීත්වය ඉතාම ඉදිරිගාමී තත්ත්වයක පැවතීම සතුටුවිය යුතු කාරණයකි. හේතුව  ලංකාවේ තිබෙන්නේ  බහුතරයක් සත්ව හිංසනය සාමාන්‍ය ජීවන චර්්‍යාවක් බවට පත්කරගත් පරිසරයකි. බහුතරයක් ජනතාව සතුන් හැදිමේදී ඉතාම උපයෝගිතා  හේතු ප්‍රමුඛ කරගනිමින් සුරතල් සතුන් නිවෙස් වල ඇතිකරන අතර ඔවුන්ගෙන් ආරක්ෂාව, නැතිනම් මුදලට හුවමාරුකිරීම වැනි ශිෂ්ට සම්පන්න සමාජයකට නොගැලපෙන ආකාරයේ විවිධාකාර  අමානුෂික ක්‍රියාවන් සිදුකරනු ලබයි. මෙවැනි පසුබිමක සතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නව නීති,සකස්කිරීමටත් සතුන්ට හිංසාවන් සිදුවන තැන්වලදී එවාට එරෙහිව ක්‍රියාකාරීමටත්, රැකවරනය අවශ්‍ය වීදි සතුන්ට රැකවරණය ලබාදිමත් මේ වනවිට විශාල පිරිසක් පුද්ගලිකව හා සංවිධාන  ලෙස ක්‍රියාකරති.

වෙන්නප්පුව සුනඛ සෙවනේ පවතින අඩුපාඩු  නිරීක්ෂණය කර ඒවා සම්පූර්ණ කිරීිමට යෝජනා මෙන්ම  පරිත්‍යාගයෙන් දායකවීමට  Sav a paw සංවිධානය මැදිහත්වීමක් සිදුකරන ලදී.  ඔවුන් මෙම ස්ථානයේ පවතින අඩුපාඩු රැසක් සභාපතිවරයාට පෙන්වා දෙමින් ඒවා සකස් කර සතුන්ට සුදුසු ආකාරයේ පාලනයක් ඇතිකිරීම වඩා යහපත් බව යෝජනා කර තිබුණි. මේ වනවිට වාර්තා වන අන්දමට මෙම ස්ථානය බලාගැනිමට එක පුද්ගලයෙකු සිටින අතර  සතුන්ට කෑම දැමීම හා මූලික නඩත්තුව ඔහු අතින් සිදුවේ. මෙම ස්ථානය නිතරම පාලු ස්වභාවයක් දරන අතර විවිධ පුද්ගලයින් සිය නිවෙස් වල සිටින සතුන් පවා මෙම ස්ථානයට ගෙනත් දමා යන ආකාරයක් දක්නට ඇත. පූසන් හා බල්ලන් එකම ස්ථානයක ජීවත්වන නිසා එහිද ගැටළුවක් පවතී. Sav a paw සංවිධානය විසින් මේ වනවිට නව නවාතැනක් ඉදිරිකිරීම ආරම්භ කර ඇත. එමෙන්ම මෙම ස්ථානයේ සිටි ඇතැම් ආබාධිත,රෝගී සුනඛයින් බලාගැනිමට සංවිධානයේ ජාඇල පිහිටි වෙත ගෙන ගොස් ඇත.

සත්ව සුබසාධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑමේදී එය යම් කළමනාකාරිත්වයක් තුළට ගෙන ඒම අත්‍යඅවශ්‍යය.  නිරන්තරයෙන් සතුන් ගෙනත් දාන ස්ථානයක් බවට පත්වීමත් කිසිවෙකුගේ පාලනයෙන් තොරවීමත් හේතුවෙන් එහි ජීවත්වන සත්වයින්ට හොද පරිසරයක් නිර්මාණය නොවේ. ඒමෙන්ම සතුන්ට කුඩා පැටවුන්ට අවශ්‍ය ආහාර වර්ග, රෝගී සතුන්ට අවශ්‍ය ප්‍රතිකාර කිරීමට වෙන් වෙන් ස්ථාන තිබිය යුතුය.

3
save a paw සංවිධානයේ සාමාජිකයින් වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාපති සුසන්ත පෙරේරා මහතා සමග හමුවක්

ඒමෙන්ම සතුන්ට රැකවරණය මෙන්ම ආදරය කරුණාව අවශ්‍යය. ඒ් වෙනුවෙන් අවම පිරිසක් සිටිය යුතය. සත්ව සුබසාධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමේදී ආහාර හා ස්ථානය පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ් සදහා පිළිගත් ක්‍රමවේදයක් අවශ්‍ය වේ.  මෙම ගැටලුව මෙම වෙන්නප්පුව සුනඛ සෙවන දෙමින් තිබෙන ප්‍රධාන ප්‍රශ්නයයි. වෙන්නප්පුව  ප්‍රාදේශීය සභාපතිවරයා ඇතුලු සභාවේ සභා සාමාජිකයින්ට මෙම අභියෝගය ජයගැනීමට හැකිවුවහොත් මෙය රටටම ආදරශයක් කළ හැකි පූර්වාදර්ශයක් වනවා නොඅනුමානය.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article