Friday, May 3, 2024

මාදම්පේ සුගන්දා ඇපරල් සේවකයින්ට වැටුප් නොගෙවයි

Must read

DSC_0936
මාදම්පේ ප්‍රදේශයේ පවත්වා ගෙන යන පෞද්ගලික ඇගළුම් ආයතනයක වැටුප් නොගෙවීයයි කියමින් එම සේවක සේවිකාවන් පෙරේදා ( 22 දා ) පස්වරු හලාවත සහකාර කම්කරු කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දි විරෝධතාවක නිරත වුහ.
මෙම ආයතනයේ සේවක සේවිකාවන් එකසිය දහ දෙනෙකු සේවය කරණු ලබන අතර පසුගිය කොරෝනා වසංගතය පැතිර තිබු කාලයේ දි ආයතනය තමන්ට ගෙවිය යුතු වැටුප් නිසි ලෙස නොගෙවු බවත් පෙබරවාරි මස වැටුපෙන් අඩක් ද මාර්තු වැටුප දින 14 කට සිමා කරමින් ද අප්‍රියෙල් මස මුළු වැටුප ද මැයි මස දින නවයක වැටුප ද ගෙවා සෙසු දිනවල වැටුප් නොගෙවා ආයතනය වසා දමා ඇති බවත් විරෝධතාවේ නිරතව සිටින පිරිස් පෙන්වා දෙති.
පසුව මේ සම්බන්ධයෙන් හලාවත කම්කරු දෙපාර්තමේන්තු නිලදාරින්ට මේ සම්බන්ධයෙන් පැමිණිළි කළ පසු එම වැටුප පෙරේදා
( 22 දා ) දිනය තුළ දි ගෙවිමට නියම වු නමුත් ඔවු එම පොරොන්දුව කඩ කර ඇති බවත් විරෝධතාවේ නිරත ස‍ේවක සේවිකාවන් පෙන්වා දෙති.මේ සම්බන්ධයෙන් හලාවත සහකාර කම්කරු කොමසාරිස් සි.ජී.එච්. සනත් ලංකා මහතාගෙන් විමසු අවස්ථාවේ දි ඒ මහතා පෙන්වා දුන්නේ මෙම වැටුප් ප්‍රශ්ණය අප වෙතට පැමිණිළි කර ඇත්තේ ප්‍රමාදයකින්.එහෙත් අප හාම්පුතුන්ට නොගෙවු වැපු අඩුවකින් තොරව ගෙවිමට නියෝග කළත් එම හාම්පුතුන් එම පොරොන්දුව කඩ කර ඇති බවත් දැන් මෙම සිද්ධිය කම්කරු විනිශ්චය සභාවට දන්වා සේවක සේවිකාවන්ට සහනයක් ලබා දිමට පියවර ගන්නා බවත් පවසන ලදී.


ඔගස්ටින් ප්‍රනාන්දු.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article