Friday, May 3, 2024

මාලු මිළ අඩුවිම පාරිභෝගිකයන්ට වාසි වුවද ධීවරයින් ද සහනයක් ගෙන එයිද ?

Must read

පසුගිය වකාවානුවේ දේශගුණික විපර්යාස හා නිරිත දිග මෝසම් සුළං හරිහැටි ක්‍රියාත්මක නොවීමෙන් හා වාරකන් කාලය හේතුකොටගෙන සීග්‍රයෙන් ඉහළ ගිය මාලු මිල මේ වන විට පහළ යමින් තිබෙන බව ධීවර සංස්ථාවේ සභාපති ඩී.වී.උපුල් මහතා පසුගිය (16) ධීවර අමාත්‍යංශයේ දි ධීවර අමාත්‍යවරයා දැනුවත් කරමින් පවස ඇත.

මෙහිදි කරුණු දැක්වු සභාපතිවරයා, අද වන විට ලින්නන් මාලු මිල රුපියල් 400 ත් 500 ත් වන අතර කෙළවල්ලා රුපියල් 1100 දක්වාද, දැල්ලන් රුපියල් 700 දක්වාද, බලයා රුපියල් 700 දක්වාද මිළ අඩු වී තිබෙන බව පැවසීය.

පසුගිය කාලයේ කෙළවල්ලා මාලු මිල රුපියල් 2200 ට අධික වු අතර අනිකුත් සියලු මාළු වර්ගයන් රුපියල් 1000 කට වඩා අධික විය. මේ නිසා පාරිභෝගික ජනතාව ඉමහත් අසහනයකට පත් වු අතර දැන් වාරකන් කාලය අවසාන වෙමින් පවතින බැවින් මාලු මිල පහත බැස ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. මේ නිසා පාරිභෝගික ජනතාවට ඉමහත් සහනයක් ලැබෙන බව ද ප්‍රකාශ කර තිබේ.

පසුගිය කාලයේ වාරකං මෙන්ම ඉන්ධන මිළ ඇතුළු ධීවරයන්ට බලපෑ අර්බුද රාශියක් හේතුකොටගෙන ධීවර රැකියාවේ නිරත වන ධිවරයින් මුහුණදුන් අති දුෂ්කර තත්ත්වය හමුවේ මාලු මිළ පහත වැටීම පාරිභෝගිකියන්ට හොද වුවත් ධීවර රැකියාවේ නිරතවන්නන් හට ඒ තරම් සුබදායක නොවනු ඇත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article