Thursday, May 2, 2024

මාස ගණනකට පසුව ජොහාන් පළාත් සභාවට එයි. පසුපෙළ අසුනකටත් වැටෙයි ! (ඡායාරූප)

Must read

johan_in_nwp_1පළාත් සභා රැස්වීම්වලට අඛණ්ඩවම සහභාගි නොවීම හේතුවෙන් වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ සංවිධායක තනතුරින් ඉවත්කෙරුණු වයඹ පළාත් සභා මන්ත‍්‍රී ජොහාන් ප‍්‍රනාන්දු මහතා කලෙකට පසුව අද (17 දා) පැවැති වයඹ පළාත් සභා රැස්වීමට සහභාගි වී සිටියේය.

වයඹ පළාත් සභා ගර්භයෙහි මන්ත‍්‍රීවරුන් සදහා ආසන පැනවීමේ පිළිවෙළෙහි අද දිනයේදී වෙනස්කම් දෙකක් සිදුකර තිබූ අතර ආණ්ඩු පක්ෂ සංවිධායක තනතුරෙන් ඉවත් කෙරුණු ජොහාන් ප‍්‍රනාන්දු මහතා වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ අසුනක් වෙන්කර තිබූ අතර ආණ්ඩු පක්ෂයේ නව සංවිධායක බණ්ඩාර රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළෙහි ඇති ආණ්ඩු පක්ෂ සංවිධායකවරයාගේ අසුනෙහි අසුන්ගෙන සිටිනු දැකගත හැකි විය. අද උදෑසන 9.50 ට පමණ සභා ගර්භයට ඇතුලු වූ ජොහාන් ප‍්‍රනාන්දු මහතා සභා නිලධාරියෙකු විසින් ඔහුට වෙන්කර තිබූ පසුපෙළ අසුන වෙත කැදවාගෙන යනු ලැබීය. පසුපෙළෙහි අසුන්ගත් ජොහාන් ප‍්‍රනාන්දු මහතා වෙත ගිය ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු ඔහු වටකරගෙන සුහද කතාබහක යෙදී සිටිනු දැකගත හැකි විය.කෙසේවෙතත් පෙරවරු 11 ට පමණ තේ විවේකය සදහා සභාව කල්තැබුණු අතර තේ විවේකයෙන් පසුව ජොහාන් ප්‍රනාන්දු මහතා නැවත සභාවට නොපැමිණියේය.

ජොහාන් ප‍්‍රනාන්දු මහතාට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ අසුනක් හිමි වී  තිබූ අයුරුjohan_in_nwp_2 johan_in_nwp_3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article