Friday, May 3, 2024

මිටර් 100, ශ්‍රී ලංකා වාර්තාව අලුත් කළ ‘යුපුන්’ ජෝශප් වාස් ආදි සිසුවෙක්

Must read

182845457_303661431240978_473587707518977693_n

අද (14) ඉතාලියේ සැවෝනා නගරයේදී  පැවති ධාවන තරගයකින් 100 ධාවන ඉසව්වේදී තත්පර 10.15 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට  යුපුන් අබේකෝන් සමත් වී තිබේ.  මීට පෙර ජර්මනියේ පැවති තරගාවලියක දී තත්පර 10.16 ක දක්ෂතා වක් දක්වමින් ශ්‍රී ලංකා වාර්තාව මෙන්ම දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා යන වාර්තාව ද ඔහු විසින් තබා තිබේ. ඉතාලියේ ජීවත්වෙමින් තම පුහුණු කටයුතු සිදුකරන යුපුන් වෙන්නප්පුව  ජෝශප් වාස් විද්‍යාලයේ ආදී සිසුවෙකි. යුපුන්ගේ ඉලක්කය වන්නේ තත්පර 10.05 ක් වූ ඔලිම්පික් පරිසාධන මට්ටම පසුකරමින් ටෝකියෝ නුවර මෙවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීම බව www.ceylonathletics.com සදහන්කර තිබේ.


https://youtu.be/NH4D2PJ6yBg

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article