ගොටු කොළ වලට සමාන ආක්‍රමණශීලී විය හැකි ශාඛයක් මෙරට තුළ සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා සදහන් කරයි.
ජලාශ්‍රිත ස්ථාන වල මෙන්ම වියලි බිමේද පැතිර යන මෙම ශාඛය පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වන නීතිඥ ජගත් ගුණවර්ධන මහතා මෙසේද සදහන් කරයි.
අප්‍රිකාණු මහද්වීපය තම නිජබිම බවට පත් කර ගෙන සිටින මෙම ශාඛ වර්ගය Hydrocotyle Verticilata නම් විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මෙම ශාක වර්ගය මෙරටදී “රට ගොටු කොළ,කොරියන් ගොටු කොළ” හෙවත් ‘මිනි ලෝටස් ’ (Mine Louts) යන නම්වලින් හදුන්වන ලබයි.විසිතුරු මත්ස්‍යාගාර සහ පොකුණු තුළ වගා කිරීම සදහා මෙරටට ගෙන්වා ඇති මෙම ශාඛය මේ වන විට රට පුරා සීඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ඇත.ඊට අමතරව ඇතැම් පිරිස් එල්ලෙන පෝච්චි තුළ විසිතුරු ශාඛයක් ලෙස මෙම ශාඛ වර්ගය වගා කර තිබෙනවා.
ගොටු කොළ ශාඛයට සමාන තාවයක් දක්වන මෙම ශාඛයේ පත්‍ර ඡත්‍රාකාර හෙවත් කුඩයක හැඩයකින් දක්නට හැකියි.පත්‍ර තලය රවුම්ව දක්නට ඇති අතර,දාරය යම් තරමක රැළි වැටී ඇති ආකාරයක් නිරීක්ෂණය කළ හැක. පත්‍රයේ යටි පැත්තට නටුව සම්බන්ධ වී ඇත.
වේගයෙන් පැතිර යන මෙම ශාඛය පසෙහි ඇති බැර ලෝහ විශාල වශයෙන් අවශෝෂණය කර ගන්නා බවට හදුනා ගෙන තිබෙනවා.ඇතැම් පිරිස් ගොටු කොළ යැයි සිතා මෙම පත්‍ර ආහාරයට ගැනීම සිදු කරනවා.නමුත් අධික ලෙස බැර ලෝහ අවශෝෂණය කර ගන්නා නිසා මෙම ශාඛ වර්ගය ආහාරයට නුසුදුසු බවයි අපගේ අදහස.
මෙම ශාඛය අධික වේගයෙන් වර්ධනය වීම සහ භූමිය වසා ගෙන පැතිර යාම නිසා ඉදිරියේදී අක්‍රමණශීලී වීමට ඉඩ තිබෙනවා.වර්තමානයේ තම පොකුණු වල එහෙමත් නැත්නම් විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සදහා කිසියම් අයෙකු මෙම ශාඛ වර්ගය යොදා ගන්නේ නම් කුමන හේතුවක් නිසා හෝ ඒවා පරිසරයට මුදා නොහැරීමටද වග බලා ගත යුතු වනවා.
ජුඩ් සමන්ත







