Saturday, May 18, 2024

මිල්රෝයි අභියෝග කරන්නේ කාට ද?

Must read

හිටපු පාර්මේන්තු මන්ත්‍රී මිල්රෝයි ප්‍රනාන්දු මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස  ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා සූදානම් වන බව වාර්තා වේ. ඔහු මේ වනවිට ඇප මුදල්ද බැද ඇති බව එක්තරා පුවත්පතක සදහන් කර තිඛේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  ජේ්‍යෂ්ඨ සාමාජිකයෙකු  වන මිල්රෝයි ප්‍රනාන්දු මහතා පසුගිය කාලයේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇතිවූ දේශපාලන  හැලහැප්පීම් ඉදිරියේ පක්ෂය වෙනුවෙන් නොකඩවා පෙනී සිටින ලදී. එමෙන්ම තමන්ගේම  පවුලේ  විවිධ හැලහැප්පීම් ඉදිරියේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පෙනී සිටීම අත්නොහල  පුද්ගලයෙකි.
පසුගිය මැයි දින කීපයකදීම පුත්තලම් දිස්ත්‍රික්කයේ  ශ්‍රීලනිප සාමාජිකයින් පොහොට්ටුවේ මැයි රැළියට සහභාගී වූ අතර මිල්රොයි ප්‍රනාන්දු මහතා සුළු පිරිසක් සමග වුවද ශ්‍රිලනිපයේ මැයි රැළියට නොකඩවා සහභාගී වූයේය. තමන්ගේ ම ඥාතියෙකු වන වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති වික්ටර් සුසන්ත පෙරේරා මේ වනවිට පොහොට්ටුවේ සාමාජිකයෙකු වන අතර  මිල්රෝයි ප්‍රනාන්දුගේ මැදිහත්වීම මත ඔහුගේ දේශපාලන දිවිය අරඹන ලදී.
නමුත් මේ වනවිට වෙන්නප්පුව ආසනය තුළ  මොවුන් දෙදෙනා එකම පක්ෂයක පිල් දෙකක් නියෝජනය කරති.milroy-fernando-6db0dd6d-aa3d-4354-afed-b7232a39de5-resize-750

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article