Monday, May 6, 2024

මුන්දලම ,විරුත්තෝඩේ කඩොලාන කැපූවන් තවමත් අත්අඩංගුවට ගෙන නැහැ

Must read

image_c687156f71මුන්දලම විරුත්තෝඩේ පුලිදිවාල් හි පිහිටි අක්කර 02ක පමණ භූමියක පිහිිට කඩොලාන පද්ධතිය විනාශ කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් තොරතුරු හෙළිකරන ලද්දේ නොවැම්බර් 05 වනදායි .   මෙම කඩොලාන වසර 100කට ආසන්න පැරණි කඩොලාන රක්ෂීත භුමියක් බවත්  ලුණු ටැංකි සැකසිම සදහා වනසා ඇති බව පරිසර සංවිධාන විසින් චෝදනා කර සිටියේය. ඉන්පසුව පරිසර අමාත්‍යවරයා විසින් මෙයට සම්බන්ධ වගකිවයුත්තන් සොයා බලන ලෙස  පොලිසියටත් පරිසර නිලධාරීන්ටත් දැනුම් දුන්බව මාධ්‍ය වල පළවිය.  එසේ වුවත් ඊට සම්බන්ධ වගකිවයුතු කිසිවෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන නොමැත.
මෙම අක්කර දෙකට අමතරව පුත්තලම් දිස්ත්‍රික්කයේ  සිදුවූ පරිසර හානි සම්බන්ධයෙන්  ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍යවරයා පරිසර නිලධාරීන්ට අවධාරණය කර තිබුණි.
මෙම කඩොලාන පරිසර පද්ධතිය   මුන්දලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් පුලිදිවාසල් ග්‍රාම නිළධාරි වසමේ පුත්තලම කලපු තීරයේ පිහිටා තිබේ.  නීති විරෝධි ලෙස ලුණු ලේවායක් සැකසීම සදහා මෙම පරිසරය වනසා ඇති බව පරිසර සංවිධාන චෝදනා කරති.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article