Monday, May 6, 2024

මාළු සහ කොරෝනා අතර සම්බන්ධයක් නොමැති බව රජය මැදිහත්වී ජනතාවට වටහා දිය යුතුයි – බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමය

Must read

 

Ruwan Pradip
සභාපති -රුවන් ප්‍රදීප් මහතා

වර්තමානයේ පවතින තත්ත්වය හමුවේ තම කර්මාන්තය කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමය සදහන් කරයි.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමේ සභාපති ටිරෝන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.

“මේ වෙන කොට බහු දින යාත්‍රා හිමියන් දැඩි අසීරු තත්ත්වයකට පත්වී සිටින්නේ.අපි බලාපොරොත්තු වෙනවා මෙම අය වැයෙන් හෝ අපට අඩුම තරමින් ඉන්ධන සහනයක් හෝ රජය විසින් ලබා දෙයි කියලා.මොකද අපි විශාල වියදම් දරමින් තමයි ජාත්‍යන්තර මුහුදට ගිහිං මසුන් අල්ලා ගෙන එන්නේ.නමුත් අද අපේ මාළු වලට ලොකු ඉල්ලුමක් ජාත්‍යන්තර හෝ දේශීය වෙළද පළේ නැහැ.ඒ නිසා අපි කරන වියදමේ තරමට ආදායමක් ලබා ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ.යම් ආකාරයට මෙම කර්මාන්තය කඩා වැටුනොත් විශාල පිරිසකට ජීවත් වෙන්න වත් බැරිව යනවා.ඒ නිසා තමයි අපි කියන්නේ කුමන ආකාරයට හෝ බහු දින යාත්‍රා කර්මාන්තය රැක ගැනීම සදහා මැදිහත් වෙන්න කියලා.″

සමස්ත ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.

“මේ වෙන කොට අපේ රටේ බහු දින යාත්‍රා 3600 ක් පමණ  ලියා පදිංචි කර තිබෙනවා.බහු දින යාත්‍රා සමග සෘජුව සහ වක්‍රව ලක්ෂ 2 කට වැඩි පිරිසක් ජීවත් වෙනවා.අද මේ කර්මාන්තයේ යෙදෙන අයට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ.අපි වැඩියෙන්ම ඉලක්ක කරන්නේ ජාත්‍යන්තර වෙළද පළ.යම් ආකාරයට ජාත්‍යන්තර වෙළද පළේ ඉල්ලුම අඩු වුවහොත් යම් මත්ස්‍ය ප්‍රමාණයක් දේශීය වෙළද පලටත් අපි නිකුත් කරනවා.නමුත් පසුගිය කාලයේ කතාවක් පැතිර ගියා මාළු පරිභෝජනයට ගැනීම නිසා කොරෝනා වෛරසය බෝ වන්න පුළුවන් කියා.ඒ නිසා බොහෝ දෙනෙක් මාළු පරිපෝජනය අත් හැරියා.මෙම තත්ත්වය අපිට විශාල වශයෙන් බලපා තියනවා.පවතින තත්ත්වයෙන් අපිව මුදා ගන්න හැකියාව තියෙන්නේ රජයට පමණයි.ඒ නිසා මේ වෙලාවේ රජය මැදිහත් වී කටයුතු කළ යුතු වනවා. කිසියම් අයෙකු මැදිහත් වී මාළු සහ කොරෝනා අතර සම්බන්ධයක් නොමැති බව ප්‍රකාශ කළ යුතු වනවා.

අපි බහු දින යාත්‍රා වරාය සහ තොටුපලට ගාල් කළ විට ඒ සදහා මුදලක් ගෙවිය යුතු වනවා.මේ වෙලාවේ රජය විසින් අඩුම තරමින් වරාය ගාස්තුවත් අපිට අඩු කරලා දෙනවා නම් ඒක සහනයක්.ඒ විතරක් නෙමෙයි අපි මෙවර අය වැය තුළින් කිසියම් සහනයක් අපිට ලබා දෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණා. නමුත් ඒ කිසිදු සහනයක් ලැබෙන බවක් පෙනෙන්න නෑ.අනෙක් වෘත්තීන් වලට සහන දුන්නාට රජය ධීවරයා සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කර නොමැති වීම කනගාටුවක්.″

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රුවන් ප්‍රදීප් මහතා මෙසේ පැවසීව.  “අද මාළු අලවියේදී කිසියම් මාෆියාවක් ක්‍රියාත්මක වෙන බවක් දකින්න තිබෙනවා.අපි මාළු අල්ලන්නේ ජාත්‍යන්තර වෙළද පළ ඉලක්ක කරගෙන.කොරෝනා පිටින් දාලා ඇතැම් අතර මැදි ව්‍යාපාරිකයින් ජාත්‍යන්තර වෙළද පළට මාළු මිළදී ගැනීම අඩු කරලා තියනවා.  මෙම හේතුව නිසා අපි අල්ලා ගෙන එන මාළු වලට සාධාරණ මිළක් ලැබෙන්නේ නෑ.ජාත්‍යන්තර වෙළද පළේ මිළ අඩු වන විට අපි යම් ප්‍රමාණයක් දේශීය වෙළද පළට නිකුත් කරනවා.නමුත් වර්තමානයේ පවතින තත්ත්වය නිසා දේශීය වෙළද පළ තුළත් මාළු වලට ලොකු ඉල්ලුමක් නෑ.

අපේ ධීවරයින් මේ වන විට දැඩි අසරණ තත්ත්වයකට පත් වී සිටින්නේ.ඇතැම් ධීවරයින්ගේ කන – කර පමණක් නෙමෙයි පදිංචි වෙලා ඉන්න නිවස පවා බැංකු වලට සින්න වෙන තත්ත්වයක් උදා වෙලා තියනවා.රජය මේ සම්බන්ධයෙන් යම් මැදිහත් වීමක් කළ යුතු වනවා.එසේ නොවුනහොත් සමස්ථ ධීවර කර්මාන්තයම කඩා වැටීම වළක්වන්න හැකි වන්නේ නෑ.″
මෙම මාධ්‍ය හමුවේදී තවත් ධීවර නායකයින් කීප දෙනෙකුම අදහස් පළ කළේය.

Ruwan Fernando
ලේකම් – රැවන් ප්‍රනාන්දු මහතා
Tiron Mendis
ටිරෝන් මෙන්ඩිස් මහතා

 

ජුඩ් සමන්ත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article