Sunday, May 19, 2024

සිංහල මාධ්‍යට ප්‍රියකළ ‘උමර් අහමත් ‘ ශිෂ්‍යත්වයත් ජය ගනියි

Must read

IMG_20201116_110206
හලාවත රදගුරු එඩිමන් පිරිස් කණිෂ්ඨ විදුහලේ අධ්‍යාපනය හදාරමින් මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගයට සිංහල මාධ්‍යයෙන් පෙනි සිටි උමර් අහමත්   සිසුවා (10) ලකුණු 196ක් ලබා ගනීමින් විශිෂ්ඨ දස්කමක් ප්‍රදර්ශනය කර ඇත. ඔහුගේ පියා වන අරුමයි අහමත් කොළඹ කොටස් වෙළද පලේ කළමනාකරුවෙකුව සේවය කරයි. මව පාතිමා රසාක් ය. ඇය ගෘහණියන් කටයුතු කරන්නීය. මෙම දරුවා ඉතා නිහඩ තැන්පත් ජිවිතයක් ගත කරණ විෂය කරුණු හැදැරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ දරුවෙකු වශයෙන් හැදින්විය  හැකි බව ඔහුගේ දෙමාපියෝ පවසයි.

උමර් අහමත් සිසුවා ගේ අනාගත බලාපොරොත්තු ගැන ඔහු මෙසේ පවසයි.
මම පළඹු වසරේ සිට අධ්‍යාපනය හැදැරුවේ රදගුරු එඩ්මන් පිරිස් විදුහලේ. ඒ සිංහල මාධ්‍යයෙන් තමා මම අධ්‍යාපනය හැදැරුවේ. මම මුස්ළිම් ජාතිකයෙක් වුවත් සිංහල භාෂාව හදාරන්නයි ආශා කළේ. මගේ දෙමාපියන් ඊට එරෙහි වුයේ නැහැ. මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් මට ලකුණු 196 ක් ලබා ගත හැකි වුවා. මගේ බලාපොරොත්තුව අනාගතයේ දි ගුවන් නියමුවෙකුවීමටයි. හයවන වසර සදහා අධ්‍යාපනය හැදැරීමේ දි මට වෙනත් පාසලකට යවන්න වෙනවා.එහිදි මම ඉංග්‍රිසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන ආශාවෙන් ඉන්නවා. මට මගේ දෙමාපියන් උපරීම මට්ටමින් සහය දෙනවා. ඒ වගේම අපේ විදුහල් පති විරාජ් නෝනිස් මහතාත් මට පළමුවන ශේණියේ සිට අධ්‍යපනය ලබා දිනු කුසුම් මිස්ව රේණුකා මිස් සහ සුමිත් සර්ව කිසිදාක අමතක කරන්නේ නැහැ. එයාලා මට ගොඩක් උදව් කළා මෙම ජයග්‍රහණය ලබා ගන්න. මම තමයි අපේ පංතියේ ශිෂ්‍ය නායකයා. යයි ද කීය.


ඔගස්ටින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article