Friday, May 17, 2024

මෙතෙක් අල්ලන්නට බැරිවූ වන අපරාධකරුවන්ව අල්ලන්ට අලුත් විශේෂ කාර්ය බලකායක් ?

Must read

118915791_655539945342303_4517903337000168940_n

වනාන්තර විනාශ සිදු කරන පිරිස් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා විශේෂ කාර්ය බලකාය හා පොලිසිය එක්ව මෙහෙයුම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඊයේ (09)   ප්‍රකාශයක් නිකුත් කරන ලදී. මේ අනුව බලන කල  රටේ වන සම්පත් රැකගැනීම සදහා බලය ඇති රජයේ දෙපාර්තමේන්තු වලින් කිසිදු ප්‍රයෝජනයක් නොමැත. දැනටත් සිදුවන වන සංහාර වලට හා ගස්කැපිම් නවත්වා ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ ඇතැම්  පරිසර අධිකාරීන් වලට හැකියාවක් නොමැත. උදාහරණයක් ලෙස 2018 වසරේ පුත්තලම දිස්ත්‍රික්කයේ ආනවිලුන්දාව රැම්සා තෙත්භූමිය  ප්‍රදේශයේ දේශපාලකයෙකුගේ උවමනාව මත  ඩෝසර් කරන ලදී. ඊට සති කීපයකට පසු  කුරටියාමොට්ටේ ප්‍රදේශයේ ඇති අක්කර 100ක පමණ වටිනා ගස් සහිත භූමියක් කපා විනාශ කිරීමක් සම්බන්ධයෙන් වයඹ හඩ පරිසර සංවිධානය විසින් හෙලිදරව් කරන ලදී. මෙම අක්කර 100ක ගස් කපාදමන තෙක් ප්‍රදේශයේ ප්‍රදේශයේ කිසිදු රාජ්‍ය ආයතනයක් හෝ පොලීසිය මෙයට එරෙහි වූයේ නැත. මෙම දැව තොගය ප්‍රවාහනය කිරීමේදී කිසිදු පොලිස් නිලධාරියෙකු හෝ හමුදා නිලධාරියෙකු මේ සම්බන්ධයෙන් වගවිභාගයක් සිදුනොකළ අතර අක්කර 100 ක ගස් කපා දමා  එම දැව ප්‍රවාහනය කරන තෙක් කිසිදු රාජ්‍ය නිලධාරියෙකු පවා මෙයට විරුද්ධ වුයේ නැත. මේ සම්බන්ධයෙන් වගකිවයුතු කිසිදු පුද්ගලයෙක් අත්අඩංගුවට නොගැනුන අතර එයට ආසන්නව තවත් කැලයක් කපා දැමූ දුප්පත් මිනිසුන් කීපදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි.  සිදුවූ වන සංහාරයේ  බරපතල තත්ත්වය අනුව වයඹ පළාත් සංවර්ධන අධිකාරිය වගකිවයුතු පුද්ගලයන්ට නඩු පවරන්නට ක්‍රියානොකිරිම හෝ ඒවා වැලැක්විම වෙනුවෙන් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගැනිම සම්බන්ධයෙන්  පරිසරවේදින්ගේ දැඩිව හෙළාදකියි. මේ හේතුව නිසාම වයඹ පරිසර අධිකාරිය අහෝසි කරන ලෙසද විරෝධතා මතුවිය. මේ සියලු ආයතන හිතාමාතාම දක්වන නිහඩතාවයෙන් ඔප්පු වන්නේ සෑම ආයතනයකම  මෙම නීතිවිරෝධි ක්‍රියාවන්ට වක්‍රව සම්බන්ධ,රැකුල් දෙන පුද්ගලයන් සිටින බවයි. පරිසර අමාත්‍යවරයාද නින්දෙන් ඇහැරී විටෙන් විට රාජ්‍ය නිලධාරීන්ට දොස් පවරයි.
නමුත් සිදුවන්නේ මේ සිය්ලෝම මෙම වනාන්තර,පස්, විනාශයේ  සිදුවන්නට ඉඩහැර  තමන්ගේ රාජකාරිය ඉටුනොකිරීමය. මේ ආයතන සිය වගකීම ඉටුනොකිරීම සම්බන්ධයෙන් ඊට පරිසර අමාත්‍යවරයා හෝ පොලිස්පති හෝ වෙනත් පළාත් පාලන ඉහල නිලධාරින්  පියවර නොගෙන වන සංහාර සිදුකරන පිරිස් කොටුකිරීම සදහා හදිසියේ විශේෂ පොලිස් බලකායන් යෙදවීම කෙතරම්  පලක් නොමැත. පොලීසිය බලාසිටියදීම නීති විරෝධී බලපත්‍ර යොදාගෙන විශාල වශයෙන් පස්කපා පරිසරය විනාශ කරයි නම්,  ඒවා ආරක්ෂක බාධක ,හමුදා ආරක්ෂක බාධක වලින් ගෙනයනවා නම්,  පරිසරය වනසන පුද්ගලයින්ව විශේෂ කාර්ය බලකායන් යොදා නීතියේ රැහැනට කොටුකර ත හැකි වේද?  ජනතාවගේ මුදලින් නඩත්තු වන සියලුම රාජ්‍ය ආයතන මෙම පරිසර විනාශය වලක්වන්නට මැදිහත් නොවීම රටට , ජනතාවට සිදුකරන  ද්‍රෝහිකමකි.  පසුගියදා මාදම්පේ සිලිකා වැලි සදහා මාදප්පේ ප්‍රෙද්ශ කීපයක් පස්කපා විනාශ කර ඇති ආකාරය අප දුටුවෙමු. මෙම විනාශයට රාජ්‍ය නිලධාරීන්ද වගකිව යුතු බව පරිසරවේදී හේමන්ත විතානගේ මහතා පවසා තිබුණි.
හැම විෂයකටම දෙපාර්තමේන්තුවක් , නිලධාරියෙකු පත්කර , අමාත්‍යවරු පත්කර ඔවුන් නඩත්තු කිරීමට ජනතා මුදල් වැයකර අවසානයේ  අසාර්ථක ප්‍රතිපළයක් අත්කරදී හමාරය. දැන් සියලුදේම පාලනය කිරිමට පොලීසිය, හමුදාව යෙදිමෙන් අදහස් කරන්නේ කුමක්ද ?  සියලු රාජ්‍ය යාන්ත්‍රනයන්ගේ සේවාව අසාර්ථක බවද?

 

 

වයඹ පළාත් පරිසර අධිකාරිය සුදු අලියෙක් විතරයි – වයඹ හඬ පරිසර සංවිධානය

 

වයඹ පළාත් පරිසර අධිකාරිය අහෝසි කරන්න – ජනපතිට ලිපියක්

 

වනාන්තර විනාශ සිදු කරන පිරිස් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා විශේෂ කාර්ය බලකාය හා පොලිසිය එක්ව මෙහෙයුම්

වනාතවිල්ලුවේ තවත් ගස්කැපූ අට දෙනෙකු අත්අඩංගුවට

වනාතවිල්ලුව වන සංහාරය නොදැක්කා සේ සිටියෝ කවරහුද ?

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article