Friday, May 17, 2024

ලංකාවේ සංචාරක කර්මාන්තයට රජය දක්වන සැලකිල්ල විලපත්තු වනෝද්‍යානයේ සපත්තු පාලම දැක්කාම පේනවා

Must read

DSC00706

විලපත්තුව ජාතික වනෝද්‍යානයට ඇතුළු විය හැකි එළුවන්කුලම පිවිසුමේ ඇති සපත්තු පාලම අබලන් වීම හේතුවෙන් පසුගිය දින කීපය තුළ දෙස් විදෙස් සංචාරකයින් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටි අයුරු දක්නට ලැබුණි.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසීම සදහා තිබුනේ එක් පිවිසුම් දොරටුවක් පමණි.නොච්චියාගමට ආසන්නයෙන් එම පිවිසුම පිහිටා තිබුණි. නොච්චියාගම පිවිසුමෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන සංචාරකයින් වන සතුන් දැක ගැනීම සදහා බටහිර මුහුදු තීරය දක්වා ගමන් කිරීම සිදු කරන ලදි. මෙම තත්ත්වයට පිළියමක් ලෙස විල්පත්තුව දෙවැනි පිවිසුම 2014 වර්ෂයේ මුල් භාගයේදී විවෘත කිරීමට සංචාරක අමාත්‍යාංශය කටයුතු සහ වන ජීවී දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදි. එමෙන්ම කටුනායක ගුවන් තොටුපලේ සිට පැය 02 ක් වැනි කෙටි කාලයක් තුළදී විල්පත්තුවට ඇතුළු වීමට මෙම පිවිසුමද හේතුවක් වී ඇත. වලහා, දිවියා,අලියා වැනි සතුන් විශාල ප්‍රමාණයක් මෙම ඉසව්වේ ගත කිරීමද සංචාරකයින්ට මහත් අස්වැසිල්ලක් විය.

විල්පත්තුව දෙවැනි පිවිසුම පිහිටා ඇත්තේ පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ කලාඔය සපත්තු පාලම ආසන්නයෙනි.කලාඔයේ ජලය වැඩිවී  පිටාර ගලා යන විට සපත්තු පාලම වැසී ගොස් ගමනා ගමන කටයුතු වලට බාධා ඇතිවේ.එවිට විල්පත්තුව දෙවැනි පිවිසුම වැසී යන්නේය.

පසුගිය වසරේ කලාඔයේ ජලය වැඩිවී පිටාර ගලා ගිය විට මෙම සපත්තු පාලමටද හානි සිදු විය.මෙම තත්ත්වය නිසා පුත්තලම – පරණ මන්නාරම මාර්ගයේ ගමනා ගමන කටයුතුද ඇණ හිටියේය.කලාඔය හරහා මේ වන විට ඇත්තේ පුංචි වැල් පාලමකි.එයද අනාරක්ෂිත එකක් බව දක්නට ඇත.DSC00692

වසර දෙකක පමණ කාලයක් සංචාරකයින් නොපැමිණීම හේතුවෙන් විල්පත්තුව දෙවැනි පිවිසුම සම්බන්ධයෙන් වැඩි කථා බහක් ඇති නොවීය.

නමුත් පසුගිය උත්සව සමයේදී දෙශීය මෙන්ම විදේශීය සංචාරකයින් සැළකිය යුතු ප්‍රමාණයක් විල්පත්තුව ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණ ඇත.මාස ගනනාවක් සංචාරකයින් නොමැතිව වැලේ වැල් නැතිව සිටි සෆාරි ජීප් රථ හිමියන්ද සැනසුම් සුසුම් හෙළුවේ නැවතත් තම රැකියා කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව උදා වූ බව මෙනෙහි කරමිනි.

මෙසේ පැමිණි සියළුම සංචාරකයින්ට සිදුවූයේ පෙර සදහන් කර ඇති වැලි පාලම භාවිතා කරමින් කලාඔය තරණය කිරීමටය.ඇතැම් සංචාරකයින් දෙවැනි පිවිසුමෙන් විල්පත්තුවට ඇතුළු වී පළමු පිවිසුමෙන් පිටත්ව යාමද සිදු කරති. තවත් පිරිසක් දෙවැනි පිවිසුමෙන් විල්පත්තුවට ඇතුළු වී වන සතුන් දැක බලා ගැනීමෙන් අනතුරුව මන්නාරම දක්වා ගමන් කරති.

වර්තමානයේ ඒ කිසිවක් කිරීමට හැකියාවක් නැත.මන්ද සංචාරකයින් පැමිනෙන සියළුම වාහන කලාඔයට දකුණු දෙසින් ගාල් කර වැල් පාලම ඔස්සේ විල්පත්තුවට පිවිසීම කළ යුතු නිසාවෙනි.

අබලන් වී ඇති කලාඔය හරහා ඇති සපත්තු පාලම කඩිනමින් පිළිසකර කළ යුතු බව අප නැවතත් අවධානය යොමු කර සිටිමු.එවිට නැවත වතාවක් මන්නාරම – පුත්තලම මගී ප්‍රවාහන සේවාවන් ආරම්භ වන්නේය.විල්පත්තුව වනෝද්‍යානය නැරඹීමට පැමිනෙන සංචාරකයින් නැවතත් දෙවැනි පිවිසුම භාවිතා කිරීමට එවිට හැකියාව ලැබෙන්නේය.මේ සියල්ල වන්නට නම් කලාඔය හරහා ඇති දැනට අබලන් වී ඇති පාලම පිළිසකර කළ යුතුවම ඇති බව අප මෙසේ සටහන් කර තබමු.
DSC00699 DSC00694 DSC00685 DSC00684


ජුඩ් සමන්ත.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article