Friday, May 17, 2024

යතුරු පැදි අනතුරකින් පල්ලම තරුණයෙකු ජීවිතක්ෂයට

Must read

77066-road-accident  යතුරුපැදියක් ධාවනය කරමින් සිටිය දි ඊයේ (10 දා ) මැදියම් රාත්‍රි අනතුරකට මුහුණ දුන් තරුණයෙක් බරපතල තුවාල ලබා මිය ගොස් ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ පල්ලම වතුපොල ප්‍රදේශයේ විසු විතාරණගේ ධනුක ඩිල්ශාන් නමැති විසි වන වියේ පසු වන අවිවාහක තරුණයෙකි.
මිය ගිය තරුණයා සිය මවගේ නමින් ලියා පදිංචිකර ඇති යතුරු පැදියෙන් පල්ලම සිට වතුපොල දක්වා යමින් සිටිය දි වේගය පාලනය කර ගත නොහැකිව මැදියම් රාත්‍රි අනතුරකට මුහුණ දි බරපතල තුවාල ලබා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් එහි දි තුවාල කරු පරික්ෂා කළ වෛද්‍ය වරුන් ඔහු මිය ගොස් ඇති බවත් දන්වා ඇත. මිය ගිය තරුණයා මෙයට කලින් ද අධික වේගයෙන් යතුරු පැදිය ධාවනය කරමින් සිටිය දි පොලිස් අත් අඩංගුවට පත්ව ආනමඩුව අධිකරණයෙහි නඩු පවරා වරද පිලි ගත් නිසා ඔහුට රුපියල් පනස් දහසක දඩයක්ද යතුරු පැදියේ හිමිකාරත්වය ඇති ඔහුගේ මවට රුපියල් පනස් දහසක දඩයක්ද දඩුවම් වශයෙන් නියම එම මුදල් ගෙවා සිටි අයෙකු බවත් පොලිසිය කියයි. මෙම අවතුරින් මිය ගිය තරුණයාගේ සිරුර හලාවත රෝහලේ තබා ඇත. පල්ලම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.එම්.පි.බි.හේරත් මහතාගේ උපදෙස් මත රථවාහන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක හේරත් මහතා ඇතුළු නිලධාරින් පරික්ෂණ සිදු කරති.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article