Thursday, May 2, 2024

කහ කිලෝ 800 ක් සමග පුද්ගලයන් හයදෙනෙකු අත්අඩංගුවට

Must read

5  මාම්පුර් දළුව ප්‍රදේශයේ මුහුදුවෙරළේ දි ඊයේ  ( 12 දා ) උදේ සිදු කළ මෙහෙයුමකින් පසු  නීති විරෝධි ලෙසින් එක් දින ධීවර යාත්‍රා දෙකකින් මෙරටට ගෙනා ආ  වියළි කහ තොගයක් හා ඒවා ගෙන ආ එක් දින යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගෙන තිබේ.  එම කහ ගෙන යාමට ආ කැබ් රථයක් සමග සැකකරුවන් 06 දෙනෙකු අත් අඩංගුවට ගත හැකිවු බව නාවික හමුදා මාධ්‍ය ඒකකය කියයි.  ලැබුණ තොරතුක් මත වයඹ නාවික විධානයේ නිලධාරින් විසින් දළුව වෙරළට ගොස් පරික්ෂා කිරිමේ දි වෙරළේ නැංගුරම් ලා තිබු ධීවර යාත්‍රා දෙක හා කැබ් රථය දැක ඇත. පසුව ඒවා සෝදිසි කිරිමේ දි ගෝණි 32 ක අසුරා තිබු වියළි කහ කිලෝ 800 ට අධික ප්‍රමාණයක් අත් අඩංගුවට ගත හැකි වු බවත් කියයි. කැබ් රථයේ ආ දෙදෙනෙකු කහ තොගය වෙනත් ප්‍රදේශයකට ගෙන යාමට සුදානම්ව සිටි බවත් අනාවරණය වී ඇත.  සැකකරුවන් කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් වයස අවුරු 19 ත් 43 ත් අතර පසුවන අයවේ. සැකකරුවන් නිරෝදායන නිතිය යටතේ නිරෝදායනය කිරිමට පියවර ගෙන ඇති අතර සැකකරුවන් හා කහ තොගය කටුනායක රේගු කාර්යාලය වෙත බාරදිමට පියවර ගෙන ඇත. කහ 1 (1) 4


ඔගස්ටින් ප්‍රනානදු
ඡායාරූප උපුටාගැනීම – www.navi.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article