Friday, May 17, 2024

හලාවත වැවිලි සමාගමේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි සිවිල් ආරක්ෂක භටයෙකුට කොරෝනා

Must read

CORONA2NEWහලාවත වැවිලි සමාගමේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි සිවිල් ආරක්ෂක භටයෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට හදුනා ගෙන ඇති සිවිල් ආරක්ෂක භටයා නොච්චියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.එම අය පසුගිය 07 වැනිදා රාජකාරියට පැමිණ එදිනම නිවසට ගොස් ඇත.නැවත 09 වැනිදා රාජකාරියට පැමිණ ඇති  සිවිල් ආරක්ෂක භටයා එදිනද සවස තමන් පදිංචි නිවසට ගොස් ඇත.ඔහු තම රාජකාරි සිදු කර ඇත්තේ හලාවත නගරයේ පිහිටි හලාවත වැවිලි සමාගමට අයත් ප්‍රධාන කාර්යාලයේය.

ඇති වී තිබෙන රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සදහා 10 වැනිදා අනුරාධපුර ශීක්ෂණ රෝහලට ඔහු ඇතුළත් වී ඇත.එහිදී සිදු කරන ලද පී.සී.ආර්.පරීක්ෂණයකදී තහවුරු වී ඇත්තේ එම අයට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවය.

පසුගිය 07  සහ 09 වැනිදා හලාවත වැවිලි සමාගහේ රාජකාරි සදහා පැමිණි පිරිස් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.


ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article