Sunday, May 19, 2024

හලාවත නගර සභාවට බන්ධනාගාරයෙන් ආ අමුත්තා

Must read

   (1.00am) හලාවත  නගර සභාවේ ඊයේ (13) පැවති අයවැය යෝජනා ඉදිරිපත් කළ සභාවාරයට  මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් පොලිස් අත් අඩංගුවට පත්ව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින ඩබ්ලිව්.ස්ටැනිස් ලාවුස් ප්‍රනාන්දු මහතා සහභාගී විය. ඔහුව මිගමුව බන්ධනාගාරයේ සිට බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව මත මෙම රැස්වීමට කැදවා ගෙන ආ අතර ඔවුන් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමයන් අනුගමනය කරමින් සභාවට ගෙනැවිත් වෙනමම ස්ථානයක රදවා තබා තිබිම ද විශේෂ සිද්ධියක් විය. අතිරික්තය රුපියල් 6600.00 කි. මෙම රුස්වීම ආරම්භවීමට කලින් සභාවට ඇතුළු වු එජාප මන්ත්‍රිනි එම්. මාජිනි ප්‍රනාන්දු මහත්මිය බන්ධනාගාරයෙන් පිටතට යාමට බන්ධනාගාර නිලධාරින්ට පවා තහනම් කර තිබිය දි සභාවට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි මන්ත්‍රිවරයෙකු ගෙන ඒම තමන්ට ජිවිත තර්ජනයක් ඇති කරාවිදැයි සැකයක් මතුවන බව ප්‍රකාශ කළාය. සෞඛ්‍ය ආරක්ෂිත ඇදුමින් සැරසි පැමිනි ස්ටැනිස් ලාවුස් මන්ත්‍රිවරයා සභාවට පැමිණ සිටි අයුරු ජායාරූපයේ දැක්වේ.cccc dddd


හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article