Monday, May 6, 2024

හලාවත නගර සභාවේ අය – වැය පරාද කරයි

Must read

 uc chilaw'

(2.32 pm ) හලාවත නගර සභාවේ අයවැය ඉදිරිපත් කිරීම අද  (13)  සිදුවූ අතර  සභාපති තුෂාන් අබේසේකර මහතා ( එජාප) විසින් අද  ඉදිරි පත් කරන ලද 2021 වාර්ෂික අයවැය වැඩි ජන්ද හතකින්  පරාදයට පත්විය.

 2021 වසරේ හලාවත නගර සභාවේ  ආදායම් වියදම් වාර්තාව අනුව  ආදායම , රුපියල් 200292600.00 ක් වු අතර වියදම, රුපියල් 200286000.00 කි. අතිරික්තය රුපියල් 6600.00 කි.
මන්ත්‍රි ආසන 20 න් සමන්විත හලාවත නගර සභාවේ බලය මෙතෙක් ශ්‍රිලනිප හවුල් වි එක්සත් ජාතික පක්ෂය විසින් පාලනය කරනු ලැබිණි.  ඒ අනුව සභාපති එජාපයෙන් ද උප සභාපති ශ්‍රීලනිපයෙන්ද නියෝජනය විය.  මෙම අයවැය ජන්ද විමසීමේ දි උප සභාපති ශ්‍රීලනිපයේ නිතිඥ සාදිකුල් අමීන් මහතා ද අයවැයට විරුද්ධව ජන්දය පල කර සිටියේය. ඒ අනුව පක්ෂ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් හය දෙනෙකු පමණක් අය වැයට ලක්ෂව ජන්දය ලබා දුන් අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි ඩබ්ලිව්. රීගන් ප්‍රනාන්දු මහතා මෙම රැස්විමට පැමිණ නොසිටි බව ද වාර්තා වේ.
ගිය වසරේ හලාවත නගර සභාවේ අයවැය ජයග්‍රහණය කිරීමට කටයුතු කළ පිරිස් මෙවර අයවැය පරාජය කිරීමට කටයුතු කර ඇත්තේ ජනතාවාදී අරමුණකින් නොවන බවත් බල තන්හාව මත පදනම් වූ අරමුණකින් බව  මෙහිදී  මතුවන සාධාරණ සැකයකි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article