Monday, May 6, 2024

වෙන්නප්පුව ප්‍රා.සභාවේ අයවැය සම්මතයි – සභාවට බරක් වී ඇති අනියම් හා කොන්ත්‍රාත් සේවකයින් ගැන ජවිපෙ අසයි

Must read

34560496_10155622203651305_4451236399709945856_n

(9.21pm) වෙන්නප්පුව  ප්‍රාදේශීය සභාවේ  2021 අයවැය ඉදිරිපත්කිරීම  ඊයේ (12) පැවැත්විණී.  එහිදී ඇස්තමේන්තුගත ආදායම 352,751,200.00 වූ අතර වියදම  352, 708,400.00  ලෙස ඉදිරිපත්වී තිබේ.

මෙහිදි අයවැයට පක්ෂව 24 දෙනෙකුත් විපක්ෂව 12 දෙනෙකුත් ඡන්දය ලබාදී තිබේ.   විපක්ෂව ඡන්දය  පාවිච්චි කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරුන් 2 යි, ස්වාධීන 1 කයි,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 2 යි, එක්සත් ජාතික පක්ෂයේ 7ක් වශයෙනි.

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයට මන්ත්‍රීධූර 24 ක් ඇත.

බොහෝ ප්‍රාදේශීය සභාවන් වල මතුව ඇති සේවක අතිරික්තය හෙවත් දේශපාලන පත්වීම් වෙනුවෙන් අමතර වැයක් දරන්නට සිදුවීම සම්බන්ධ ගැටළුව ඊයේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේදී  ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් මතුකර තිබුණි.

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා  විසින් කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන ඇති දේශපාලන පත්වීම් වෙනුවෙන් ප්‍රාදේශීය සභාවට විශාල අමතර වැය බරක් දරන්නට සිදුවී  ඇති බව,   පසුගිය වසරේ විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින්  සකස් ළ  විගණන වාර්තාව උපුටා දක්වමින් ඔහු   අවධාරණය කර ඇත.

මේ වනවිට ප්‍රාදේශීය සභාවේ  එම මුදල ප්‍රතිපූර්ණය කරගැනීමට නොහැකි වී ඇති බවත් ඒවා ප්‍රාදේශීය සභාවේ අරමුදලින් ගෙවා ඇති බවත් එම මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න කර ඇත්තේ  විගණන වාර්තා වේ  සදහන් පරිදි වෙන්නප්පුව ප්‍රා සභාව විසින් අනියම් හා කොන්ත්‍රාත් සේවකයින් 111 ක් බදවාගෙන ඇති අතර සභා අරමුදලින් රු 34,355,164 ක් වියදම් කර ඇති කරුණ උදාහරණයක් ලෙස දක්වමිනි.
2018 අවුරුද්දේ දී අතිකාල හා නිවාඩු  දින වැටුප්  සදහා  මුදල 3,296,477 ක මුදලක් (මිලියන 3.29) වැයවෙද්දී   සුසන්ත පෙරේරා ප්‍රදේශීය  සභාපතිවරයා පත්වී වසර 2කක් ගතවන විට ලක්ෂ 7,070,000 ( මිලියන 7.07)  වීමත් ඒ අනුව මුදල කෙතරම් පරතරයකින් වැඩිවීමක්ද යන්නත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි තරංග කරුණාරත්න මහතා විසින් ප්‍රශ්න කර තිබේ.

අතිරික්ත සේවකයින් සම්බන්ධව 2019 විගනන දෙපාර්තමේන්තුවේ වාර්තා උපුටනය

විගණන වාර්තා 2 විගණන වාර්තා 1

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article