Friday, May 3, 2024

රජයේ පාසල් වල පළමු ශ්‍රේණියේ සිසුන්ට ඉංග්‍රීසි භාෂාව

Must read



මෙම වැඩසටහනට ගුරුවරුන් 13,800ක් පුහුණු කර අවසන්- අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත

අභියෝග භාර ගැනීමට සූදානම් අනාගත සිසු පරපුරක් බිහි කිරීමේ ගුරු භූමිකාව සතු වත්මන් කාර්යභාරය ඉටු කිරීම සඳහා සන්ධාන භාෂාව වශයෙන් අත්‍යවශ්‍ය වන්නා වූ ඉංග්‍රීසි භාෂාව පළමු ශ්‍රේණියේ සියලු දරුවන්ට භාවිතයෙන් ඇරඹීම අදින් ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

 පෙර දැනුම මත අඛණ්ඩ ව යැපීමට කිසි දු වෘත්තිකයකුට නොහැකි බවත් යාවත්කාලීන දැනුම ඔස්සේ හෙට වෙන දේ අද දැනගැනීම මගින් මෙරට ඉදිරි වෘත්තීය ක්ෂේත්‍රයට සරිලන අධ්‍යාපනයක් ලබා දීමේ දී සන්ධාන භාෂාව වශයෙන් ඉතා වැදගත් වන්නා වූ ඉංග්‍රීසි භාෂාව පන්ති කාමරය තුළ සිසුන්ට සිය මුල් ම පාසල් දිනයේ සිට සබකෝලයකින් හා චකිතයකින් තොර ව හැසරවීමේ ප්‍රායෝගික කථන පුහුණුවක් ලබා දීම සිය අපේක්ෂාව බවත් ඊට අවශ්‍ය ප්‍රාථමික ගුරුවරුන් 13,800ක් පමණ මේ වන විට‍ පුහුණු කර අවසන් බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

පාසල් කිහිපයක හැරුණු විට ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය 1962 වර්ෂයෙන් පසු මෙරට නොපැවති අතර 2000 වර්ෂයේ දී යම් ප්‍රමාණයකට උසස් පෙළ විෂය ධාරාවන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම ආරම්භ කළ බවත් මේ වන විට 6 ශ්‍රේණියෙන් ඉහළ පාසල් 550කට වැඩි ප්‍රමාණයක දරුවන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් විද්‍යා මෙන් ම වාණිජ, කලා විෂයන් සඳහා ද පෙනී සිටින බවත් ඇමතිවරයා පැවසී ය.

News.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article