Thursday, May 2, 2024

රත්කරව්වේ අනවසර බොරඵ කැපිල්ලකට STF කඩා පනී ! (ඡායාරූප)

Must read

rathkarawwa_gravel_13කුරුණෑගල, රත්කරව්ව ප‍්‍රදේශයේ පිහිටි ඉඩමක බලපත‍්‍ර රහිතව පවත්වාගෙන ගිය මහා පරිමාණ බොරඵ කැපීමේ ජාවාරමක් වැටලූ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් බොරඵ කැපීමට සහ ඒවා ප‍්‍රවාහනය කිරීමට යොදාගත් බව කියන යන්ත‍්‍ර සූත‍්‍ර සහ වාහන කිහිපයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්හ.

ස්වර්ණ භූමි ඔප්පුවක් සහිත මෙම ඉඩමෙන් බලපත‍්‍ර රහිතව බොරඵ කපා ප‍්‍රවාහනය කිරීම කලක් තිස්සේ සිදුකෙරෙන බවට ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ නීතිඥ එච්. එම්. අබේරත්න මහතා වෙත ලැබී තිබූ තොරතුරකට අනුව කුරුණෑගල, රත්ගල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකළහ. මෙම වැටලීමේදී බොරඵ කැපීමට යොදාගත් බැකෝ යන්ත‍්‍ර දෙකක් සහ බොරඵ ප‍්‍රවාහනය කිරීමට යොදාගත් ටිපර් රථ තුනක් සහ ඒවායේ රියදුරන් බව කියන තිදෙනකුද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරිහු අත්අඩංගුවට ගත්හ.

දැවැන්ත පරිසර හානියක් සිදුකෙරුණු මෙම අනවසර බොරඵ කැපීම කුරුණෑගල නගරයට කිලෝමීටර කිහිපයක් නුදුරින් කලක් තිස්සේ ක‍්‍රියාත්මක වී ඇති නමුත් වගකිවයුතු නිලධාරින්ගේ අවධානය ඒ පිළිබදව යොමුනොවීම පුදුමයට කරුණක් බව ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ නීතිඥ එච්. එම්. අබේරත්න මහතා පැවසීය. මෙම බොරඵ ජාවාරම පිටුපස සිටින බලවතා කවුරුන් වුවත් එම ස්ථානයේ නැවත පරිසර විනාශයක් සිදුනොවීම පිණිස නිශ්චිත වශයෙන්ම කටයුතු කරන බවද අබේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.rathkarawwa_gravel_3 rathkarawwa_gravel_1 rathkarawwa_gravel_2 rathkarawwa_gravel_4 rathkarawwa_gravel_6 rathkarawwa_gravel_5 rathkarawwa_gravel_7 rathkarawwa_gravel_8 rathkarawwa_gravel_9 rathkarawwa_gravel_12 rathkarawwa_gravel_11 rathkarawwa_gravel_10

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article