Sunday, May 5, 2024

රථ වාහන වැරදි හතක අවම දඩය රුපියල් විසිපන්දහස කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

Must read

රථ වාහන වැරදි හතක අවම දඩය රුපියල් විසිපන්දහස දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ.481c543931788a0a5cbcd69acfa25ba6_XL

(7.20pm)ඊයේ(01) මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරව නව රථවාහන වැරදි සඳහා පනවන සංශෝධිත දඩ ගාස්තු ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත් කිරීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අපේක්ෂා කරයි. ඒ මෝටර් රථ ප්‍රවාහන පණත සංශෝධනය කිරීමෙනි.

වත්මන මාරක රිය අනතුරුවලට බොහෝ විට බලපා ඇත්තේ මාර්ග නීති උල්ලංඝණය සහ රියදුරාගේ නොසැලකිලිමත් බවයි. මේ හේතුවෙන් මාර්ග අනතුරු සඳහා බහුලව බලපාන මාර්ග නීති උල්ලංඝනය කිරීමේ සහ රථ වාහන වැරදි සඳහා වූ පනවන අවම දඩ මුදල රුපියල් 2500 දක්වා වැඩි කළ යුතු බවට යෝජනා වූයේ 2017 අයවැය යෝජනාවේ 486වැන්නෙනි. ඒ සම්බන්ධයෙන් 2016. 11.21වැනි දින මුදල් අමාත්‍යාංශය, ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය, බස්රථ සහ ත්‍රීරෝද සංගම් නියෝජිතයින් එක්ව මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මාර්ග අනතුරු සඳහා විශාල වශයෙන් හේතු වන වැරදි හතක් හඳුනා ගැනිණ. එම රථ වාහන වැරදි හත සඳහා පනවන දඩ මුදල විසිපන්දහස දක්වා වැඩිකිරීමටද එම සාකච්ඡාවේදී තීරණය විය. කෙසේනමුත් එම දඩමුදල් වැඩි කිරීමට විරෝධය දක්වා බස්රථ සංගම් සහ ත්‍රීරෝද රථ සංගම් වැඩවර්ජනයකට යොමු වීම හේතුවෙන් නැවත වරක් එම යෝජනාව විමසා බලා වාර්තාවක් සැපයීමට අතිගරු ජනාධිපතිතුමා විසින් කමිටුවක් පත් කළේය.


ar1

ar22

ar44
උපුටා ගැනීම – .news.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article