Saturday, May 18, 2024

රැම්සා තෙත්බිමේ කඩොලාන ගලවා දැමූ සිව්දෙනාට දැඩි කොන්දේසි මත ඇප

Must read

 07ආනවිලුන්දාව රැම්සා තෙත් බිම් කලාපයේ සිටුවා තිබු කඩොලාන ශාඛයන් ගලවා දැමීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි සිව් දෙනා අද ( 10 දා ) යලි ඉදිරිපත් කළ අවස්ථාවේ දි ඔවුන් ට දැඩි කොන්දේසි යටතේ ඇප නියම කළ හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා වැඩිදුර නඩු විභාගය මැයි මස 20 වන දිනට නියම කළේය.
එක් සැකකරුවෙකුට මුදලින් රුපියල් දස දහස බැගින් සහ රුපියල් ලක්ෂය බැගින් සහතික ඇප දෙකක් මත සැකකරුවන් මුදා හැරුන අතර ඔවුන් මාසයේ අවසන් ඉරු දින ආරච්චිකට්ටුව පොලිසියට වාර්තා කිරිමටත් මෙම නඩුවේ කිසිදු සාක්කිකරුවෙකුට කිසිදු බලපෑමක් නොකරණ ලෙසත් නඩු විභාගය අවසන් වන තෙක් ආනවිලුන්දාව කුරුළු අභය භුමියට ඇතුළත් නොවන ලෙසටත් දිසා විනිසුරු වරයා මෙහිදි නියෝග කළේය. මෙසේ ඇප නියම වුයේ ආරච්චිකට්ටුව මුතුපංතිය ධීවර ගම්මානයේ පදිංචි වර්ණකුලසුරිය ප්‍රදීප් නික්සෝ තමෙල් වර්ණකුලසුරිය සම්පත් ප්‍රදීප් නිශාන්ත වර්ණකුලසුරිය සම්පත් නලින් තිසේරා සහ ජයවීර ආරච්චිලාගේ සදුන් නමැති සිව් දෙනාය. 2021 පෙරවාරි මස 19 නක දින හෝ ඊට ආසන්න දිනයක දි සැකකරුවන් විසින් නිති විරෝධි ලෙසින් ආනවිලුන්දාව රැම්සා තෙත් බිම් කලාපයේ කුරුළු අභය භුමියට ඇතුළු වි එහි සිටුවා තිබු කඩෝලන පැල ගලවා විනාශ කිරිමෙන් රුපියල් ලක්ෂ එකහමාරක අනර්ථයක් කිරිමේ චෝදනාවන් මත සැකකරුවන්ට චෝදනා නගා තිබුණි. ආරච්චිකට්ටුව පොලිසියේ සැරවන් ප්‍රේමරත්න  මහතා පොලිසිය වෙනුවෙන් පෙනි සිටි අතර නිතිඥ හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු නිතිඥ රුවන් ප්‍රනාන්දු නිතිඥ ශානක උදයංග යන මහත්වරුන් සැකකරුවන් වෙනුවෙන් පෙන් සිටියහ.

හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article