Saturday, May 4, 2024

”නාත්තන්්ඩියේ පොහොට්ටු දේශපාලකයෙක් අනුන්ගේ ඉඩම් අල්ලලා , ඒකට විරුද්ධව ප්‍රා.සභා මන්ත්‍රීවරු මටත් ලියුමක් බාරදුන්නා”

Must read

01(5)

පාස්කු ප්‍රහාරය එල්ල අවන අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතා සිටියේ සියඹලාණ්ඩුවේද කියා තමන්ට ප්‍රශ්ණයක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන “කව්ද දිණුම්” සම්මන්ත්‍රණ මාලාවේ නාත්තන්ඩිය සම්මන්ත්‍රණය අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත සමරසිංහ මහතා මෙසේද පැවසීය.

මෙරට පාස්කු ප්‍රහාරය එල්ල වෙලා වසර 02 කට ආසන්න කාලයක් ගෙවිලා ගිහිං තියනවා.පාස්කු ප්‍රහාරය නිසා ජීවිත විශාල පිරිසක් අහිමි වුණා වගේම තවත් කණ්ඩායමක් පීඩාවට පත්වී සිටිනවා.ඒ සියළුම දෙනාට සාධාරණයක් ඉෂ්ඨ විය යුතු බව මුළු ලෝකයම පිළිගන්නා කාරණයක්.

පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ඇමරිකාව,ඉන්දියාව,ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් වල බුද්ධි අංශ අපේ රටට ඇවිත් විමර්ශණ සිදු කර තිබෙනවා.ඒ අනුව ඇමරිකාව විසින් මේ වන විටත් සහරාන්ට නඩු පවරන්න කටයුතු කර තිබෙනවා.ඒඅය දන්නවා කව්ද මේ ප්‍රහාරය එල්ල කළේ කියලා.ඒත් අපේ රටේ අය ඒක තවම දන්නේ නෑ.ඒ නිසා තමයි තවම වැරදි කරුවන් හොයා ගෙන නැත්තෙත්,ඒ අයට දඩුවම් කරන්නේ නැත්තෙත්.වැරදි කරුවන් කව්ද කියන්න තවම කිසිම කෙනෙක් දන්නේ නෑ.ඒ නිසා වැරදි කරුවන්ට දඩුවම් දෙයිද කියන සැකය අද ජනතාවට ඇති වෙලා තියනවා.

පසුගිය දවසක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා තමන්ගේ ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියළුම දෙනාට දඩුවම් දෙනවා කියලා.දඩුවම මරණීය දණ්ඩනය බවත් ඒ මහතා කියා සිටිනවා.පාස්කු ප්‍රහාරය එල්ල වෙන කොට සජිත් මහත්තයා හිටියේ ආණ්ඩුවේ නෙමෙයිද?එයා හිටියේ එහෙම නම් සියඹලාආණ්ඩුවේද කියලා අපි අහන්න කැමතියි.

අද මම මේ සම්මන්ත්‍රණයට පැමිණි විට එක මහත්තයෙක් ඇවිත් මට ලිපියක් බාර දුන්නා.ඒ ලියමනේ තියෙන්නේ මේ ප්‍රදේශයේ ඉන්න දේශපාලකයෙක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩමක් අල්ලා ගත්තු කථාවක්. මේ ලියමනට නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීවරු ඔක්කොම අත්සන් කරලා තියනවා.ඒ සියළුම දෙනා පොහොට්ටු පක්ෂයේ.පොල් ඉඩම අල්ලගෙන ඉන්නවා කියන දේශපාලකයත් පොහොට්ටුවේ.මේ ලියමන ලියලා තියෙන්නේ ජනාධිපතිවරයාට.දැන් බලාගෙන යන කොට පොහොට්ටුවේ අයම ඒ පක්ෂයේ අයට විරුද්ධය වැඩ කරන තැනට ඇවිත් තියන බවක් තමයි අපිට පේන්න තියෙන්නේ.

පසුගිය මැතිවරණ වලදී අපි කිසියම් වැඩ පිළිවෙලක් ජනතාවට ඉදිරිපත් කලා. අනිත් පක්ෂ කලේ පොරෙන්දු සහිත කඩදාසි ජනතාවට දෙන එක විතරයි. නමුත් අපි ඉදිරිපත් කළ රට හදන වැඩ පිළිවෙල ජනතාව ප්‍රතික්ෂේප කලා. පොරොන්දු වලට ජනතාව කැමැත්ත දුන්නා.ජනතාව දන්නවා තමන්ට වැරදුණු බව.ඒ බව දැන් ජනතාව කියනවා.අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ජනතාවට පොරොන්දු දෙන්න නෙමෙයි.වැඩක් කරන්නයි.අන්න ඒ සදහා තමයි අපි මේ රට පෙළ ගස්වමින් සිටින්නේ.ඒක ටිකක් අමාරු වැඩක්.නමුත් කළ යුතු එයයි කියලයි අපි විශ්වාස කරන්නේ.

 

ජූඩ් සමන්ත

 

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article