Saturday, May 4, 2024

රිදීගම සභාපති පුටුවට, පොහොට්ටුවේ හතරක් තරග බිමට !

Must read

rideegama ps_2

රිදීගම ප්‍රාදේශීය සභාව සදහා නව සභාපතිවරයෙකු පත්කරගැනීම වෙනුවෙන් එහි පළමු රැස්වීම අද (03 දා) පස්වරුවේ පැවැත්වීමට නියමිත අතර සභාපති තනතුර මුල්කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම තුළ දැඩි අර්බුදකාරී තත්වයක් නිර්මාණය වී ඇතැයි වයඹ ටුඩේ වෙත වාර්තා වෙයි.

රිදීගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන විල්බට් කුලතුංග මහතා සහ හිටපු මන්ත්‍රීවරුන් වන ප්‍රියනාත් සේනපාල, නිමල් රංජන් සහ රාහුල මුණසිංහ යන මහත්වරුන්ද සභාපති තනතුර සදහා තරගවැදීමට සූදානමින් පසුවීම මෙම අර්බුදකාරී තත්වයට හේතු වී තිබේ.

කෙසේවෙතත් සභාපති අපේක්ෂක ගැටලුව නිරාකරණය කරගැනීම පිණිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දොඩම්ගස්ලන්ද ආසන කැදවුම්කරු, ආර්. ඩී. විමලදාස මහතාගේ මොරතිහ පිහිටි නිවසේදී මන්ත්‍රී කණ්ඩායම මේ වනවිට සාකච්ඡාවක යෙදී සිටින බවත්, එම සාකච්ඡාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාද සහභාගිවීමට නියමිත බව ද වාර්තා වෙයි. කෙසේවෙතත් අද පස්වරුවේදී සභාපති තනතුර සදහා තරගවැදීමට සූදානමින් පසුවන එක් මන්ත්‍රීවරයෙකු මෙම සාකච්ඡාවට සහභාගිවීමත් ප්‍රතික්ෂේප කර ඇති බවද වයඹ ටුඩේ වෙත වැඩිදුරටත් වාර්තා වෙයි.

රිදීගම ප්‍රාදේශීය සභාවේ පළමු මහ සභා රැස්වීම අද පස්වරු 2.30 ට ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වීමට නියමිත අතර එහිදී පැවැත්වෙන ඡන්ද විමසීමේදී නව සභාපතිවරයා තෝරාගැනීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article