Sunday, May 19, 2024

විල්බට් කුලතුංග රිදීගම සභාපති පුටුවට.

Must read

rideegama ps

සභාපති ධූරය වැඩි ඡන්ද 14 කින් පොහොට්ටුවට.

උප සභාපති ඡන්දයේදී පොහොට්ටුව සහ සන්ධානය දෙකට බෙදෙයි.

 

රිදීගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස විල්බට් කුලතුංග මහතා වැඩි ඡන්ද 14 කින් අද  (03 දා) තේරී පත්විය.

සභිකයින් 39 දෙනෙකුගෙන් යුත් රිදීගම ප්‍රාදේශීය සභාව සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සභිකයින් 19 ක්, එක්සත් ජාතික පක්ෂයෙන් සභිකයින් 11 ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් සභිකයින් 04 ක්, ජනතා විමුක්ති පෙරමුණෙන් සභිකයින් 03 ක් සහ අහිල ඉලංගෙයි මුස්ලිම් කොංග්‍රසයෙන් හා ලිබරල් පක්ෂයෙන් එක් සභිකයෙක් බැගිනුත් තේරී පත් වී සිටියහ. එම ප‍්‍රාදේශීය සභාව සදහා නව සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු තෝරාගැනීම වෙනුවෙන්, වයඹ පළාත් පාලන කොමසාරිස් ජේ. එම්. ආර්. පී. ජයසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද  පස්වරුවේ රිදීගම ප‍්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී මන්ත්‍රීවරුන්ගේ ඡන්ද විමසීම පැවැත්විණි.

එහිදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් විල්බට් කුලතුංග මහතාගේ නමත්, එක්සත් ජාතික පක්ෂය විසින් වසන්ත කරුණාරත්න මහතාගේ නමත් සභාපති තනතුර වෙනුවෙන් යෝජනා කරනු ලැබීය. අනතුරුව පැවැති විවෘත ඡන්ද විමසීමේදී විල්බට් කුලතුංග මහතා ඡන්ද 25 ක් ලබාගනිමින් රිදීගම ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස තේරී පත්විය. වසන්ත කරුණාරත්න මහතාට ලබාගත හැකිවූයේ ඡන්ද 11 ක් පමණි. සභාපතිධූර ඡන්ද විමසීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සිව්දෙනා, අහිල ඉලංගෙයි මුස්ලිම් කොංග්‍රසය සහ ලිබරල් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනාත් විල්බට් කුලතුංග මහතා වෙනුවෙන් සිය ඡන්ද භාවිතා කළහ. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් තිදෙනා සභාපතිධූර ඡන්ද විමසීම සදහා ඡන්දය ලබාදීමෙන් වැළැකී සිටියහ.

උප සභාපති තනතුර වෙනුවෙන් පැවැති ඡන්ද විමසීම සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේම නම් යෝජනාවීම විශේෂත්වයක් විය. එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ප්‍රියනාත් සේනපාල මහතාගේ නම උප සභාපති ධූරය සදහා යෝජනා කළ අතර, පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් විසින් රාහුල මුණසිංහ මහතාගේ නම ඒ සදහා යෝජනා කළහ. එම තනතුර වෙනුවෙන් පැවැති ඡන්ද විමසීමේදී රාහුල මුණසිංහ මහතාට ඡන්ද 19 ක් ලැබුණු අතර ප්‍රියනාත් සේනපාල මහතාට ලැබී තිබුණේ ඡන්ද පහක් පමණි. එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් තිදෙනෙකු, තමන් යෝජනා කළ සේනපාල මහතා වෙත ඡන්දය භාවිතා කරද්දී එම පක්ෂයම නියෝජනය කරන එම්.එස්.එම්. ෆයිස් මහතා ප්‍රතිවාදී රාහුල මුණසිංහ මහතා වෙනුවෙන් ඡන්දය භාවිතා කළේය. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන සියලු මන්ත‍්‍රීවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිමල් රංජන් මහතාත් ඡන්දය දීමෙන් වැළැකීම හේතුවෙන් උප සභාපති තනතුර සදහා වූ ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරු 15 දෙනෙකු විසින් ඡන්ද භාවිතා කර නොතිබිණි.

rideegama_ps_2

rideegama_ps_1

rideegama_ps_3

rideegama ps_3

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article