Wednesday, May 1, 2024

රෝහල් අධ්‍යක්ෂ වෙනුවෙන් පුත්තලම රෝහ‍‍ලම මහ පාරට !

Must read

පුත්තලම මූලික රෝහලේ අධ්‍යක්ෂ සුමිත් අත්තනායක මහතාට මහතාට බැණ වැදී පහරදුන් බව කියන රසායනාගාර ශිල්පියෙකුට අප්‍රසාදය පළකරමින් සහ රෝහල් අධ්‍යක්ෂවරයාට සහය පළකරමින් පුත්තලම මුලික රෝහල් කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා අද දහවල් උද්ඝෝෂණයක නිරත වුහ.

රෝහල් කම්කරුවන්ගේ සිට හෙද හෙදියන්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල‍යේ සියලුම දෙනා අදාල රසායනාගාර කාර්මික ශිල්පියාගේ හැසිරීම හෙළා දකිමින් මෙම උද්ඝෝෂණයට එක් වී සිටීම විශේෂත්වයක් විය.

පුත්තලම මුලික රෝහලේ රසායනාගාර කාර්මික ශිල්පින් වෙනුවෙන් පසුගිය 26 වැනිදා රෝහල් පරිශ්‍රයේ සුදානම් කර තිබූ පුහුණු වැඩමුළුවක් සදහා රසායනාගාර ශිල්පින් දෙදෙනෙකු හැර අනෙකුත් සියලුම දෙනා සහභාගි වී සිටි බවත්, එම දෙදෙනා වැඩමුළුව අවසන්වීමට ආසන්නයේ එයට සහභාගිවීම පිළිබදව වෛද්‍ය අධිකාරි සුමිත් අත්තනායක මහතා විසින් කළ විමසීමක් පිළිබදව කුපිත වු එක් රසායනාගාර ශිල්පි‍යෙකු වෛද්‍ය අධිකාරිවරයාට පහත් ආකාරයෙන් බැණ වැදී පහරදීමට තැත්කර ඇති බවත් විරෝධතාවයේ යෙදුණු පිරිස කීහ. පසුව වෛද්‍ය අධිකාරි සුමිත් අත්තනායක මහතා විසින් ඒ පිළිබදව පුත්තලම පොලිසියට කළ පැමිණිල්ලකට අනුව රසායනාගාර ශිල්පි ඒ. ඩබ්ලියු. එන්. අස්ලාල් නැමති අය පුත්තලම පොලිසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාර ගත කර ඇති බවද උද්ඝෝෂකයින් කීහ.

මෙම සිද්ධියේදී රෝහල් අධ්‍යක්ෂවරයා විනයානුකූල ලෙස ක්‍රියා කර ඇති බවටත් , මින් ඉදිරියට මෙවැනි ආකාරයේ සිදුවීම් පුත්තලම මුලික රෝහලේ සිදු නොවිය යුතු බවට මෙන්ම රටේ නිතිය සැමට එක සමාන බවත් පවසමින් මෙම පිරිස පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ යෙදුණහ.

විරෝධතාවයෙන් පසුව තමන් හමුවීමට පැමිණි රෝහල් කාර්ය මණ්ඩලය ඇමැතූ වෛද්‍ය අධිකාරි සුමිත් අත්තනායක මහතා , තමන්ට කිසිම අයෙකු සමග පුද්ගලික ප්‍රශ්ණයක් නැති බවද , රෝහලේ විනය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අකැමැත්තෙන් වුවද මෙවැනි පියවරක් ගැනීමට සිදු වූ බවද පැවසීය.

සටහන සේයාරූ
පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ

putthalam_ protest5 putthalam_ protest4 putthalam_ protest3 putthalam_ protest2 putthalam_ protest1 putthalam_ protest6

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article