Friday, May 3, 2024

ලීසිං වලට දුන් සහනය කූට ලෙස මඟහරිමින් සිටින මූල්‍ය ආයතන වලට , ණය වාරික ගෙවන්නන්ගේ එකමුතුවෙන් චෝදනා ??

Must read

(09.22am)   කොවිඩ් වසංගත හේතුවෙන් පනවා තිබූ ඇදිරි නීතිය හේතුවෙන් සාමාන්‍ය ජන ජිවිතය අඩාල වීමත් සමග පුද්ගල ආදායම් මාර්ග ඇහිරීගොස්  සාමාන්‍ය ජනජීවිතය ඉතාම දුෂ්කර තත්ත්වයකට පත්විය. මෙම තත්ත්වය හේතුකොටගෙන බැංකු සහ මූල්‍ය ආයතන වලින් ලබාගෙන ඇති ණය වාරික ගෙවීම සඳහා සහනයක් ලබාදෙන ලෙස ජනතාව ඉල්ලා සිටි අතර  ජනතාවට ණය ගෙවීම සඳහා  සහන කාලයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියෝගයක් ලබාදෙන ලදී. මෙම නියෝගය ක්‍රියාත්මක වීම මැයි මාසය තුළ දී ආරම්භ වී ඇතත් සමහර මුල්‍ය ආයතන විසින් එම නියෝගය කූට ලෙස මඟහරිමින් සිටින බව සමස්ත ලංකා රථ වාහන ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ එකමුතුව විසින් පවසා සිටියි. මේ සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති වෙත ලිඛිතව දැනුම් දීමක් කර ඇති එම සංගමය පවසන්නේ සමහර බැංකු සහ බැංකු නොවන මූළ්‍ය ආයතන විසින් සිය පාරිභෝගිකයින්ට සහන කාලය ලබාදුන්නත් පොලී සහ වාරික මුදල් සියල්ලම ගෙවිය යුතු බවට බලකරමින් සිටින බවයි. මෙම ක්‍රියාපටිපාටිය තරයේ හෙළාදකින ණය වාරික ගෙවන්නන්ගේ එකමුතුව විසින්  තමන්ට විවිධ මුල්‍ය ආයතන වලින් සිදුකරමින් සිටින බලපෑම් පිළිබදව ඔවුන්ගේ සංගමයේ මුහුණු පොතේ පළකර තිබේ.

101561029_2908679232591173_2855876733255548928_o
2020 මාර්තු 19 වනදා ඇදිරි නීතිය ක්‍රියාත්මක වූ අතර සමහර දිස්ත්‍රික්ක  අගුළු දමන ලදී.  පුද්ගලික ආයතන වල සේවය කළ පුද්ගලයින්ට, පුද්ගලික ව්‍යාපාර සුළු හා මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය පුද්ගලයින්ට සිය ආදායම් වෙනදා මෙන් නොලැබිණි. සමහර ව්‍යාපාරිකයින්ට ආදායම් නොමැතිව ආයතන වසා තිබියදී සිය  සේවකයින්ට පඩි ගෙවන්නට සිදුවිය.  පසුකරන්නට සිදුවූ  දුෂ්කර කාලය තුළ ආර්තික වශයෙන්  නොසිතූ  කඩාවැටීමකට මුහුණ දෙන්නට බොහෝ දෙනෙකුට සිදුවිය. එවැනි තත්ත්වයක් තුළ  රථ වාහන , සහ සියලූම  ණය ආධාර ලබාගත් ආයතන වලින් සිය පාරිභෝගිකයින්ට  සහනයක් බලාපොරොත්තු වීම ඉතාම සාධාරණය.  මෙසේ න්‍ය ගෙවන පාරිභෝගිකයින් මුහුණ දී ඇති මෙම ගැටළුව  විමර්ශනය කිරීමට රජය විසින් යම් පියවරක් ගතයුතුව තිබේ. 94596017_2156495854497232_1661979333679382528_o 1 42

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article