Thursday, May 2, 2024

ලෙඩ වාහනවලින් ළමුන් ඇද්ද ස්කූල් බස් 11 කට වැඩ වරදී !

Must read

ධාවනයට නුසුදුසු තත්වයේ පැවැති පාසල් බස් සහ වෑන් රථ 11 ක ධාවන බලපත්‍ර වහාම අත්හිටුවීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරීක්‍ෂකවරුන් විසින් අද (02 දා) කටයුතු කළහ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂකවරුන් පිරිසක් සහ කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ රථවාහන ඒකකයේ නිලධාරීන් එක්ව පාසල් සිසුන් ප්‍රවාහනය කරන වාහන පිළිබදව අද දහවල් කුලියාපිටිය නගරයේදී කළ හදිසි පරීක්ෂාවකදී විවිධ දෝෂ සහිතව ධාවනය වෙමින් පැවැති මෙම වාහන සොයාගනු ලැබීය.

කුලියාපිටිය නගරයේ පිහිටි පාසල්වලට සිසුන් ප්‍රවාහනය කරන වාහන අතරින් අහඹු ලෙස තෝරාගත් වාහන 26 ක් අද දිනයේදී ගුණාත්මක හා තත්ව පරීක්ෂාවට ලක් කළ අතර එලෙස පරීක්ෂාවට ලක්කෙරුණු වාහනවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් හෙවත් 11 ක්ම විවිධ දෝෂ සහිත වාහන වීම විශේෂත්වයකි.

ධාවනය අත්හිටුවන ලද වාහනවල පවතින දෝෂ දින 10ක කාලයක් තුළ නිවැරදි කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කුරුණෑගල කාර්යාලයට ඉදිරිපත්කර අනුමැතිය ලබාගැනීමෙන් පසුව යළි ධාවනයට එක් කළ යුතු බවට එම වාහන හිමිකරුවන්ට වෙත වැඩිදුරටත් අවවාද කෙරිණි.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහschool_van2 school_van1

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article