Saturday, May 18, 2024

ලේ පොරොන්දම් ගැලපුනේ නැතිනම් විවාහ වෙන්න එපා.

Must read

indexතැලසීමියා පොරොන්දම් ගැලපීම යනු කුමක්ද?
රුධිර පරික්ෂාවක් කර විවාහපේක්ෂිත දෙදෙනාගෙන් එක් අයෙකු හෝ තැලසීමියා වාහකයෙකු නොවන බව තහවුරු කර ගැනීමයි.දෙමව්පියන්ගෙන් එක් අයෙකු හෝ වාහකයෙකු නොවුණා නම් දරුවාට තැලසීමියා සෑදීමට කිසිම හේතුවක් නැත.සෑම විටම තැලසීමියා යුවලකට උපදින්නේ තැලසීමියා රෝගී දරුවෙකි. ම නිසා විවාහයට පෙර තැලසීමියා රෝගය තිබේදැයි රුධිර පරික්ෂාවක් කිරීමෙන් මේ භයානක තත්වයෙන් මිදිය හැක.

තැලසීමියා රෝගය මාරාන්තික රෝගයකි. නිරෝගී සාමාන්‍ය අයෙකුගේ රතු රුධිරාණුවක ආයු කාලය මාස 4ක් පමණ වේ. තැලසීමියා රෝගියෙකුගේ රතු රුධිරාණුවක් ආයුකාලය මාසයකි. එම නිසා තැලසීමියා රෝගය කිය්නේ අප ශරීරයේ තිබෙන රතු රුධිරාණු බිදෙන රෝගී තත්වයකි. රතු රුධිරාණු රතු පැහැයක් ගන්නේ එහි තිබෙන හිමොග්ලොබින් නිසයි.මේ හිමොග්ලොබින් වල ඇති ග්ලොබින් නැමැති ප්‍රොටීනය නිපදවීම අඩාල වීම නිසා රතු රුධිරාණු බිදීම සිදුවෙයි. රෝගීන් බොහෝ දෙනෙකුගේ රෝග ලක්ෂණ මුල් වසර තුලදී පෙන්නුම් කෙරේ.

රතු රුධිරාණු බිදුන පසු එම දරුවා සුදුමැලි වෙයි. කහ පැහැයට පත්වෙයි.වර්ධනය අඩාල වේ. ක්‍රියාශීලීත්වය අඩාලවේ. සමහර විට කිරි උරා බොන්නටද නොහැකිව හතිය වැනි රෝග තත්වයන් ඇතිවේ.මෙලෙස රතුරුධිරාණු බිදී යාම නිසා ක්මාව හා ප්ලීහාව ඉදිමීමට ලක්වේ. එම නිසා උදරය ඉදිරියට නෙරා ඒම සිදුවේ. ඇට මිදුළු පුළුල් වී මුහුණේ හැඩය වෙනස් වීම නිසා මුහුණේ විකෘති පවා ඇති විය හැක. වාසනාවකට මෙන් මෙම විකෘතිතා අවම කරන ඖෂධ දැන් සොයාගෙන ඇත.මෙම රෝගය ක්‍රමයෙන් හෘදය වස්තුවට හා අක්මාවට හානි කරමින් සිරෝසිස් වැනි භයානක රෝගද අවසානයේ ඇතිවිය හැක. මෙසේ වීමට හේතුව නම් සිරුරේ අවයව වල යකඩ තැන්පත් වීමයි. තවද අග්න්‍යාශය, පිටියුටරිය වැනි හෝමෝන නිපදවන ග්‍රන්ථිවලද යකඩ තැන්පත් වීම නිසා එම අවයවයන්ගේ ක්‍රියාකාරිත්වයද අඩාල වේ.

යකඩ පිටියුටරි ග්‍රන්ථියේ තැනපත් වීම නිසා ශරීර වර්ධනය අඩාල වේ. අග්න්‍යාසයේ තැන්පත් වීම නිසා දියවැඩියාවට ගොදුරු වේ. මේ නිසා තැලසීමියා රෝගීන් වැඩි දෙනෙක් මිය යන්නේ දියවඩියාව වැලදීම නිසාය. අස්ථි වල යකඩ තැනත් වීමෙන් ඔස්ටියෝපොරෝසිස් රෝගයද වැළදෙයි. මෙලෙස ශරීරයේ සෑම ග්‍රන්ථියකම යකඩ තැන්පත් වීම නිසාඒවා අකර්මන්‍ය වී රෝගී දරුවා මියයයි.

තැලසීමියාව ඇති වන්නේ කෙසේද?

රතු රුධිරාණු වල අසාමාන්‍ය තත්වයන් නිසා සිරුරේ හට ගන්නා නිරක්තිය තැලසීමියාව ලෙස හැදින්වේ. මේය ප්‍රවේණිගත රෝගයක් නිසා තැලසීමියා රෝගීන් දෙදෙනෙකු අතර සිදුවන විවාහයකින් උපදින දරුවන්ට මහා තැලසීමියාව හටගත හැකිය. ( Major thalassemia) දරුවෙකු පිළිසිද ගැනීමේදී සිදුවන්නේ මවගේ හා පියාගේ ජාන කොටස් බද්ධ වීමයි.එගෙසම ශරීරය තුල රතුරුධිරාණු තුල ඇති ග්ලොබින් ප්‍රෝටීනය සෑදෙන්නේත් දෙමව්පියන්ගෙන් ලබෙන ග්ලොබින් ජාන ඒකාබද්ධ වීමෙනි. තැලසීමියා රෝගය වැළදෙන්නේ අසාමාන්‍ය ග්ලොබින් ජාන ඒකාබද්ධ වීමෙනි. එම නිසා දෙමව්පියන්ගේ රුධිරයේ ඇති වාහක තත්වයන් නිසා මෙම රෝගය ඇති වෙයි. ඔබ තැලසීමියා වාහකයෙකු නොවේනම් තැලීමියා වාහකයෙකු හෝ රෝගියෙකු සමග විවාහ වුවද ඔබට තැලසීමියා රෝගී දරුවෙකු බිහි නොවේ. මව සහ පියා යන දෙනාටම අසාමාන්‍ය තැලසීමියා ජාන උරුම වූ විට ඔවුන්ගෙන් බිහිවන සමහර දරුවන් තැලසීමියා රෝගීන් වේ.

රෝගය පාලනය කල හැක්කේ කෙසේද?

ඒඩ්ස් රෝගය, දියවැඩියාව මෙන්ම තැලසීමියා රෝගයද පාලනය කල හැක. එහෙත් ඖෂධ මගින් නිට්ටාවටම සුව කල නොහැක. තැලසීමියා රෝගියෙකුට නිතර නිතර රුධිරය ලබා දෙමින් සහ රතු රුධිරාණු බිදී යාමෙන් එකතු වන යකඩ අවයව වල හා අසථි වල තැන්පත් වීම වළක්වන ඖෂධ ලබා දීමෙන් රෝගය නිසි ආකාරව පාලනය කල යුතුයි.ප්‍රතිකාර නිසි ආකාරව නොකිරීමේ ඉතා තුඩා වයසේ දී වුවද රෝගී දරුවා මිය යය යාමට පුළුවන. ප්‍රතිකාර නොගෙන තුලසීමියා රෝගිෙයකු වසර 20කට වඩා ජීවත් නොව බවද වෛද්‍යවරුන් පවසයි.

රෝගය වැලැක්වීම සදහා කලයුත්තේ තුමක්ද?

රෝගයෙන් වැලකීම සදහා ඇති එකම විසදුම වන්නේ තුලසීමියා වාකයන් දෙදෙනෙකු අතර සිදුවන විවාහයන් වළැක්වීම හෝ එවන් වාහකයන් දෙදෙනෙකු විවාහ වූවත් ඔවුන් දරුවන් බිහි නොකර සිටීමට තීරණය කිරීමයි.

තැලසීමියා රෝගය හදුනා ලන්නා රුධිර පරීක්ෂණ?

රෝගය හදුනා ගැනීමට පෙර කරන සරල රුධීර පරික්ෂණයේදී රුධිරයේ යකඩ ප්‍රමාණය අඩුදැයි පරික්ෂා කර බලයි. එහෙත් රුධිරයේ යකඩ ප්‍රමාණය අඩුවන්නේ තැලසීමියාව නිසා පමණක්ම නොවෙයි. වෙනත් රෝගී තත්වයන්ද ඒ කෙරෙහි බලපෑම් ඇති කරයි.නිරක්තිය යකඩ අඩුවීමට බලපාන ප්‍රධාන හේතුවක් වේ. එවිට වෛද්‍යවරයා විසින් යකඩ පෙති ලබාදීමේ මාස 3නකට පසු නැවත රුධිර පරීක්ෂණයකට භාජනය කෙරේ.

විවාහ වීමේදී ඒ සදහා පොරොන්දම් බැලීම හා විශේෂ ගැලපීම් පරික්ෂා කිරීම සැමදෙනාම පාහේ අද දවසේත් කරන විශේෂ කටයුත්තකි. ඒ ආකාරයෙන්ම තමා තැලසීමියා වාහකයෙක්දැයි රුධීර පරික්ෂාවක් කිරීමද විශේෂයෙන්ම අවශ්‍ය බව විශේෂයෙන් මතක තබා ලත යුතුය.

thalassemia

සටහන – මිතිලායා ගමගේ
(වෛද්‍යවරයා සගරාව ඇසුරිණි.)

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article